බිෆ් කීමා බතක් සාදාගන්නා ආකාරය
මේ බත් එක සදහා අවශ්‍ය දෙවල්
-------------------------------------------
හාල් කප් 1 1/2
චිකන් මින්ච් මිට් හෝ බීෆ් මින්චි මිට් 200g
තෙල් මේසහැදි 4
කරදමුංගු /කරාබු නැටි හා කුරුදුපොතු ටික ටික
සුදුරු තේහැදි 1
ගම්මිරිස් ඇට ටිකක් 8-9
කපා ගත් සමාන්‍ය සයිස් ලුනු ගෙඩි 3
හිනියට කපා ගත් අමුමිරිස් කරල් 3-4
ඉගුරු සුදුලුනු පේස්ට් මේසහැදි 1 1/2
මිරිස් කුඩු මේසහැදි 1
ගරම් මසාල තේහැදි 1/2
කොත්තමල්ලි කොල ටිකක් වැඩිපුර
රවුමට කපා ගත් තක්කාලි ගෙඩි 4
තියෙනවා නම් හිනියට කපා ගත් මිංචි කොට ටිකක්
රස අනුව ලුණු
කහ ටිකක්
මුලින් හාල් සෝදා විනාඩි 30 ක් පෙගෙන්න දාන්න.
පසු භාජනයක් ලිපේ තියා එකට තෙල් ටික දමා එකටම සුදුරු /කුරුදුපොතු /කරදමුංගු හා කරාබු නැටි ටික දාන්න.
දැන් එකට කපා ගත් ලුනු ටික දාලා විනාඩි 2-3 බැදෙන්නට හරින්න.
පසු එකට හිනියට කපා ගත් අමුමිරිස් ද එක් කර හොදින් මිශ්‍ර කර ගන්න.
දැන් මින්චි මිට් ටික දාලා විනාඩි 3ක් පමණ බැදෙන්නට හරින්න.
පසු එකට රවුමට කපා ගත් තක්කාලි හා ඉගුරු සුදුලුනු පේස්ට් ටික දමා හොදින් මිශ්‍ර කරන්න.
එකටම මිරිස් කුඩු /ගරම් මසාල /කහ ඇබින්දක් දමා හොදින් මිශ්‍ර කර ගන්න.
දැන් මෙයට හොදින් පෙගුණු හාල් ටික පමණක් දමා හොදින් ටික වේලාවක් බැදෙන්නට හරින්න.
පසු උණු වතුර අවශ්‍ය ප්‍රමාණයට ටිකක් දමා බත් එක බේරි නොකර උයා ගන්න.එයට රස බලා ලුණු එක් කර ගන්න.
අන්තිමට බත් එකේ වතුර ගතිය හිදි ගියාම එකට කපා ගත් කොත්තමල්ලි කොල හා මිංචි කොල ටික දමා හොදින් මිශ්‍ර කර ගන්න.
Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න