Thursday, September 24, 2015

43. චිලි පේස්ට් එක්ක ස්පේෂල් රයිස් සාදාගන්නා ආකාරය

චිලි පේස්ට්  එක්ක ස්පේෂල් රයිස්



දවල්ට හැදුවා ස්පේෂල් රයිස් එකක්.මෙක මම හිතලා තමා හැදුවේ.හරි රසයි.චිලි පේස්ට් එකත් එක්ක හොදට මැච් වෙනවා.

උයා ගත් බාස්මති රයිස්
පොඩියට කපා ගත්ත කැරට් ගෙඩියක්
හිනියට දිග අතට කපා ගත්ත බෙල් පේපර් ගෙඩි 1
පොඩියට කපා ගත්ත ලුනු ටිකක්
ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක්
පොඩියට කපා ගත්ත සෝසෙජස් ටිකක්
හිනි දිග අතට කපා ගත්ත පෝක් ටිකක් (කැමති නම් පමණක් )
ඉස්සෝ ටිකක්
සෝයා සෝස් ටිකක්
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු ටිකක්
පොඩියට කපා ගත්ත මෂ්රුම් ටිකක්
පොඩියට කපා ගත්ත බේබි කෝන් ටිකක්
ස්විට් කෝන් ටිකක්
පොඩියට කපා ගත්ත ලුනු කොල ටිකක්

මුලින් බත් බෙරි නොකර උයා ගන්න.

පසු භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් දාන්න.පසු එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.පසු එකට පෝක් ටික දමා හොදින් බැදෙන්නට හරින්න.
පසු එකට ඉස්සෝ ටිකත් දාන්න.මේ දෙකම හොදට බැදෙන්නට හරින්න.පසු එකට කපා ගත්ත ලුනු ටික දමා රන්වන් පාට වනතුරු බැදෙන්නට හරින්න.
පසු කපා ගත්ත බෙල් පේපර් එක් කරන්න.එක ටික වේලාවක් බැදෙන්නට හරින්න.
පසු කැරට් ටික/ මෂ්රුම් ටික/ස්විට් කෝන්/බේබි කෝන් දමා හොදින් මිශ්‍ර කරන්න.සොසෙජස් ටිකත් එක් කර ගන්න.
දැන් මේකට ගම්මිරිස් කුඩු ටිකක්/මිරිස් කුඩු ටිකක්/සෝයා සෝස් ටිකක් හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
දැන් මේකට උයා ගත් බත් එක දමා හොදින් මිශ්‍ර කරන්න.අන්තිමට ලුනු කොල ටිකත් දමා බත් එක හොදින් කලවම් කරන්න
බත් එක උයා ගන්න කොට කහ ටිකක් දමා උයා ගන්න


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...