Tuesday, September 22, 2015

33. නත්තලට රසම රස කේක් එකක් සාදාගන්නා ආකාරය

නත්තලට රසම රස කේක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි සිනි කිලෝ       1

බටර් ග්‍රෑම්          500

රුලන් ග්‍රෑම්        500

සුල්තානා ග්‍රෑම්      50

රේසින්ස් ( මිදී )ග්‍රෑම්    500

කරන්ට් ( මිදී ) ග්‍රෑම්     250

පුහුල් දෝසි ග්‍රෑම්        500

දොඩම් ලෙලි දෝසි ග්‍රෑම් 250

ඉගුරු දෝසි ග්‍රෑම්          250

බිත්තර සුදු මද             10

බිත්තර කහමද             25

කජු ගෙඩි                   200

කරාබු නැටි තේ හැදී     1/4

කුඩු කළ සාදික්කා තේ හැදී 1/4

කොටා ගත් රට කොට්ටන් මද ටිකක්

කරදමුංගු තේ හැදී      1/2

කුරුදු කුඩු තේ හැදී     `1/2

බ්‍රැන්ඩි මී පැණි සහ රෝස වතුර ස්වල්පය බැගින්

සාදන ක්‍රමය

මුලින්ම ගෙඩි වර්ග සුද්ද කර ගන්න.රේසින්ස් වියළි මුද්දරප්පලම් වල ඇට ඉවත් කොට කැබලි වලට කපා ගන්න.සුල්තානාවල නැටි ඉවත් කර කරන්ට් මුද්දරප්පලම් වල රොඩු ඉවත් කොට සෝදා තෙතමනය බේරා ගන්න.පුහුල් දෝසි,ඉගුරු දෝසි,සිහින් කැබලි වලට කපා දොඩම් ලෙලි දෝසි ද සිහින්ව කපාගන්න.කජු මද කුරුට්ට ඉවත් කර සිහින්ව ලියා ගන්න.ඉන්පසු ඒ සියල්ලම පිටි සමග හොදින් මිශ්‍ර කරන්න.බටර් සහ සිනි ඉඩ කඩ ඇති භාජනයක දමා හොදින් දිය වන තුරු හැන්දකින් මිශ්‍ර කර වරකට එක බැගින් බිත්තර කහ මද දමමින් තට්ටු කරන්න.ඉන්පසු රුලන්ද ,ගෙඩි වර්ගද,කුළු බඩු සහ රෝස වතුර සහ මී පැණිද හොදට පෙන නගින තෙක් වෙනම තට්ටු කර ගත් බිත්තර සුදු මදද එකතු කරන්න.

මිශ්‍රණය පිළියෙළ කරගෙන වටේට තෙල් ඇතිරූ කඩදාසි දෙතුන් පොටක්ද අඩියට කඩදාසි දෙතුන් පොටක්ද අඩියට කඩදාසි පස් පොටක් පමණ අතුරන ලද ලොකු භාජනයක දමා මද උණුසුම් පෝරණුවක පැය 2 ක් හෝ 3 ක් පමණ පුළුස්සා ගන්න.(කඩදාසියේ බටර් ආලේප කරගන්න).කේක් ගෙඩිය තැම්බෙන විට මුදුන පිළිස්සෙන නිසා කඩදාසි පොටාවල් දෙකකින් වහන්න.කේක් එක සම්පුර්ණ තත්ත්වයට ආ විට පෝරණුවෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.මෙම කේක් එක පරණ වීමෙන් රසවත් බව වැඩිවේ.

එහෙයින් සතියක් පමණ කලින් සාදන්න.ආමන්ට්ස් පේස් වලින් සම්පුර්ණ ගෙඩිය ආලේප කර පිටතින් රෝයල් අයිසින් ආලේප කරන්න.ටික වේලාවක් අලේප වේලෙන්නට හැර මුදුනේ සහ පැති වල අයිසින් වලින් වැඩ දමා සරසා ගන්න.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...