Saturday, May 4, 2024

226 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය

 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය


කිරි කෝප්ප 3
ජෙලටින් තේ හැඳි 5
බිත්තර 3
චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
සීනි
වැනිලා තේ හැඳි 2

මුලින්ම බිත්තර කහමද වලට සීනි එකතු කර ටිකක් බීට් කරගන්න. ඒකට කිරි ටික දාලා ලිපේ තියන්න.
ඒක උතුරනකොට චොක්ලට් පව්ඩර් දාලා කලවම් කරන්න.
ඉන්පසු ලිපෙන් බාගන්න.
ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කැටි නොගැහෙන්න හොඳට හැඳිගාන්න. මේකට වැනිලා ටිකකුත් එකතු කරන්න.
බිත්තර සුදු මද ටික හිම වගේ ඝන වෙනකල් බීට් කරගන්න.
සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න.
මේක ෆ්‍රිජ් එකේ දාලා උඩින් චොක්ලට් ග්‍රේට් කරලා ඩ්‍රෙස් කරගන්න.

Amila & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, May 3, 2024

225. අල පූරි සාදාගන්නා ආකාරය




අවශ්‍ය දේවල්:........

🥔තම්බපු අල ගෙඩි 2 (150g)

🥔පාන් පිටි 150g, අටා පිටිත් ගන්න පුළුවන් 

🥔හීනියට කපා ගත්තු කරපිංචා ටිකක්

🥔කහ කුඩු තේ හැදි කාලක්

🥔මිරිස් කුඩු තේ හැදි කාලක්

🥔වතුර 50ml

🥔රස අනුව ලුනු ටිකක්

🥔ගැබුරු තෙලේ බැද ගන්න තෙල් ටිකක්

සාදාගන්නා ආකරය:

🍎මුලින්ම භාජනයක් අරගෙන එ්කට තම්බපු අල ටික දාලා අතින් හොදට පොඩි කරගන්න.

🍎ඊට පස්සෙ ඒකට පාන් පිටි, කහ කුඩු, මිරිස් කුඩු, කරපිංචා සහ ලුනු කුඩු ටිකක් දාගෙන හොදට කවලම් කරගන්න.

🍎ඊට පස්සෙ වතුර ටික ටික දාගෙන පිටි ගුලිය හදාගන්න. ඊට පස්සේ ඒකට තෙල් ටිකක් අතගාල (අතේ නොඇලෙන පදමට විතරක්) පැය භාගයක් විතර පැත්තකින් වහලා තියලා තියන්න.

🍎හරි දැන් තියෙන්නෙ පොඩි පිටි ගුලි හද හදා ලෑල්ලක් උඩ තියල තුනී කරගන්න.

🍎ඊට පස්සෙ.ගැඹුරු තෙලේ බැදගන්න. (තුනී කරගන්න කලින් තෙල් ටිකක් ලෑල්ලෙත් ගා ගන්න).

🍎ඊට පස්සෙ ඉතින් උණු උණුවෙන්ම කන්න තමයි තියෙන්නෙ. මේක කන්න ගොඩාක්ම ගැලපෙන්නෙ බ්ලෙන්ඩ් කරගත්තු පොල් සම්බෝලයක් එහෙමත් නැත්තම් තෝසෙ කන කොල පාට සම්බෝලයක් එහෙම නැත්නම් රතුපාට හදා ගත්ත චිකන් කරියක් මරු....

වෙල්ලාසේ කටගැස්ම.....

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, April 23, 2024

224. කෙසෙල් මුව කරවල සම්බොලයක් සාදාගන්නා ආකාරය

කෙසෙල් මුව කරවල සම්බෝලය


කෙසෙල් මුවයක්
කරවල් තරමක කැඹැල්ලක්
අමු මිරිස්
රතු ළූනු
සුදු ළූනු
ලුනු
වියලි මිරිස් කරල් කීපයක්
දෙහි
ගම්මිරිස් කුඩු

දැන් හදමු

මුලින්ම කෙසෙල් මුවය සහ කරවල කැබැල්ල ගිනඅගුරුවල හොඳින් පුලුස්සා ගන්න ඉන් පසුව ඒ දෙකම කුඩා කැබලි කපා ගන්න වියලි මිරිස් කරල් කීපය ගින්නේ මදක් පුලුස්සා කුඩා කැබලි කපා ගන්න .
දෙහි සහ ගම්මිරිස් කුඩු හැරෙන්න අනෙක් සියලුම දේ කුඩා කැබලි කපා සියල්ල වංගෙඩියට දමා හොඳින් කොටා ගන්න කෙසෙල් මුව සහ කරවලද ඇතුලුව ඉන්පසු එම මිශ්‍රනයට බාජනයකට දමා එයට ගම්මිරි කුඩු සහ දෙහි ඇබුල් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න

මේ රස ඔබට අමුතුම අත්දැකීමක් වෙයි
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

223. කාමරංක කරිය සාදාගන්නා ආකාරය

දැන් බලමු කාමරංක කරිය


ලොකු කාමරංක ගෙඩි හතරක් පමන
සුදු ළූනු
රතුළූනු
අමු තුනපහ
අමු මිරිස්
රම්පෙ කරපිංචා
උලුහාල්
ගම්මිරිස් කුඩු
අබ
ලුනු
සීනි
කහ
උකු පොල් කිරි කෝප්ප භාගයක්

කාමර්ංක ගෙඩි හතරක් පහක් ගන්න එය පොඩි කැබලි වලට කපා ගන්න තරු හැඩය පෙනෙන සේ හරස් අතට කපා ගන්න

ඉන් පසු බාජනයක් ලිප තබා එයටා තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වන විට එයට
උලුහාල අබ රම්පෙ කරපිචා සුදු ළූනු රතු ළූනු අමු මිරිස් එක කර තෙම්පරාදු කරගන්න ඉන්පසු එයට කාමරංක කැබලි එක්කරගන්න හොඳින් මිශ්‍ර කරගත් පසු කහ කුඩු අමු තුනපහ කුඩු ලුනු කුඩු ගම්මිරිස් කුඩු එක්කරගන්න ඉන් පසු සීනි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න ටිකකින් කිරි කෝප්ප භාගය එක් කර මිශ්‍ර කර විනාඩි තුනකින් පමන පසු ලිපෙන් බා ගන්න
වෙනස්ම ‍රසක්


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, March 20, 2024

222. සැමන් නිවසේදීම සාදා ගන්න ආකාරය

මාළු වලින් ටින් මාළු හදන සාත්තරේ 
(ලොකු දෙයක් නෑ, උනන්දුව විතරයි ඕන)


සැමන් මාළු ගෙදරදිම හදා ගන්න පුලුවන් නම් ගොඩක් අඩු මිලට සැමන් කන්න පුළුවන්. වැඩි කතා නැතිව මාතෘකාවට බහිමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-

🐟 ලින්නා මාළු ග්‍රෑම් 650 ( බල මාළු වලිනුත් හදන්න පුලුවන්) 
🐟 ගම්මිරිස් ඇට හෝ කුඩු තේ හැදි 1 
🐟 ලුණු කුඩු තේ හැදි 2 
🐟 එළවළු තෙල් මේස හැදි 2 නැත්නම් පොල් තෙල් වුනත් කමක් නැහැ. 
🐟 කුරුදු කෑල්ලක් 

සාදන ක්‍රමය :-

1. කොරපොතු ඉවත්කර, මාළු ඔළු හා වරල් බොකු ඉවත් කර කෑලි 
දෙකට කපා ගන්න. හොදින් සෝදා ගන්න.

2.ප්‍රෙශර් කුකර් එකට දමා කෑලි වැසෙන සේ වතුර එකතු කරන්න. වතුර වැඩි කර ගන්න එපා. 

3.දැන් එයට ගම්මිරිස්, ලුණු කුඩු , කුරුඳු හා තෙල් එකතු කරන්න. 

4.ප්‍රෙශර් කුකර් එක ලිපේ තියා එක විසිල් එකක් වැදුන පසු ලිපේ ගින්දර අඩු කරලා විනාඩි 45 ත් පැයක් අතර කාලයක් ලිපේ තියන්න. 

5.දැන් ඔයාලට කඩෙන් සැමන් ගෙනාවා වගේ රසට හදා ගන්න පුලුවන්. මේ මාළු කටු අතින් පොඩි කරන්න පුලුවන්. සැමන් ටින් එකේ තියෙන මාළු වල සුවඳමයි.

6. ශීතකරනයේ තියා ගන්න පුලුවන්. අධිශීතකරනයේ දාලා මාසයක් වුනත් තියා ගන්න පුලුවන්. හරි විදියට වසා තියන්න.
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, March 14, 2024

221. කිරිබත් කන්න ඉකන් බිලිස් හදමු

ඉකන් බිලිස් හදමු


කිරිබත් කන්න අපි හදන්නෙ ලුණුමිරිසක් නැත්නම් අපි සාමාන්‍යන් හදන්නේ කට්ට සම්බෝලයක් නැත්නම් සීනි සම්බෝලයක්නේ. ඔන්න අද ගෙනාවෙ රසම රස වෙනස් කෑමක්. මේක මැලේෂියාවෙ ප්‍රසිද්ධ කෑමක්. හදන ක්‍රම නම් කීපයක්ම තියෙනව. ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් තමා මේ ගෙනාවෙ.

 ඉකන් බිලිස්

අවශ්‍ය ද්‍රව්‍ය :-

 හාල්මැස්සන් ග්‍රෑම් 100

කපාගත් ළූණු ගෙඩි 2

සෝයාසෝස් මේස හැඳි 1

සීනි මේස හැඳි 1

කඩාගත් වියලි මිරිස් කරල් 3-4ක්

සියඹලා යුෂ ස්වල්පයක්

සාදන ක්‍රමය :-
 
පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට හාල්මැස්සන් ටික දාලා බැදගන්න.

ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම ලියාගත් ළූණු දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. ඊළඟට චොප්කරගත් අමුමිරිස් දාලා බැදගන්න.

මේකට සෝයාසෝස්, සීනි එකතු කරන්න. ලුණු අවශ්‍ය නම් දාගන්න. සියඹලා යුෂ ටිකත් එකතු කරන්න. අන්තිමට බැදගත් හාල්මැස්සන් එකතු කරලා ලිපෙන් බාගන්න.

බ්ලෙන්ඩර් එකට දාල පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි .
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, February 21, 2024

220 එළවළු රොටි සාදා ගන්නා ආකාරය

ඉක්මනින් හදමු එලවළු රොටි



පිටිමෝලිය සකස් කරගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 250g ක්
බිත්තර 1 යි
ලුනු ස්වල්පයක්

මැද පිරවුම සඳහා

අර්තාපල් 100 g
කුඩා කැරට් අලයක්
ලීක්ස්
ලුණු ගෙඩියක්
ගම්මිරිස් තේ හැඳි ½ (එය රස අනුව)
තුනපහ කුඩු තේ හැඳි ½ යොදාගත හැකි ය.
කහ ස්වල්පයක්
රස අනුව ලුණු, කරපිංචා සහ රම්පෙ

සාදන ක්‍රමය:- 

පළමුව අල තම්බා තරමක් කැබැලි තිබෙන සේ පොඩිකර ගන්න. භාජනයක් ළිප තබා ඊට තෙල් එක්කර, රත්වන විට රම්පෙ සහ කරපිංචා එක්කර ගන්න. දැන් ඊට සිහින්ව කපාගත් කැරට් අලය ද, අර්තාපල්, තක්කාලි සහ ලීක්ස් ද එක්කර ගන්න. පසුව තුනපහ කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් සහ කහ ද එක්කර ගනිමින් මැදි පිරවුම සකස් කර ගන්න.

පිටිමෝලිය සකස් කරගැනීම

පාන් පිටි, වතුර,ලුණු සහ බිත්තර හොඳින් මිශ්‍ර කරමින්, අතේ නොඇලෙන පදමට අනාගන්න. අනාගත් එම පාන්පිටි, ගුලියක් ආකාරයට සකසා , එහි තෙල් තවරා, තෙල් ගෑ තැටියක තබන්න. 

දැන් තෙත රෙදි කඩක් ගෙන පැයක පමණ වේලාවක් වසා තබන්න. ඉන්පසු නැවතත් එම පිටි ටික අනා, කුඩා කොටස් 6 කට වෙන්කර ගන්න. 

නැවතත් මිනිත්තු 20 ක පමණ කාලයක් පසෙකින් තබන්න. ඉන්පසු තෙල් තවරා ගත් මතුපිටක හොඳින් තුනීකර, සාමාන්‍ය ප්‍රමාණයේ රොටියක් ආකාරයට සකස් කර ගන්න. 

දැන් එහි අඟල් 3 ක පමණ දුරින් ඉහත සකස් කළ මිශ්‍රණය තබා, දෙපසින් මතුපිටට නවන්න. ඉන්පසු නැවත ඉතිරි කොන් ද මතුපිටට නවා හතරැස් ආකාරයට රොටිය පිළියෙළ කරගන්න. අනතුරුව , තෙල් තවරාගත් තැටියක් මත තබා, රන්වන් පැහැ ගැන්වෙනතුරු මඳ ගින්නේ පුළුස්සා ගන්න.


Garlic and Ginger

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

226 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය

 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය කිරි කෝප්ප 3 ජෙලටින් තේ හැඳි 5 බිත්තර 3 චොක්ලට් පව්ඩර් මේස හැඳි 2 සීනි වැනිලා තේ හැඳි 2 මුලින්ම බිත්තර කහමද ...