Thursday, December 21, 2023

217. ළූනු නැතිව සීනි සම්බොලයක් සාදාගන්නා ආකාරය

ගෙදර හදන කෙසෙල් මුව සීනි සම්බෝල 
(රෙසිපිය අහගත්තේ හස්බන්ඩ්ගේ බුත්තල ඉන්න නැන්දාගෙනි❤)


🌼කෙහෙල් මුව
🧅සිහින්ව කපාගත් ලොකුළූනු ගෙඩි 02-03
🥄කහ
🥄ලුණු 
🥄සීනි ටිකක්
🥄සියඹලා යුශ ඇට 7-8
🥄උම්බලකඩ කුඩු 50g 
🍃කරපිංචා ඉති කීපයක්
🥄කෑලි මිරිස් 40-50g
🍶බැදීමට තෙල්

🌷 මුලින්ම කෙසෙල්මුව සෝදා කුඩාවට කපාගෙන කහ, ලුණු, සීනි ටිකක් එකතු කරගෙන ක්‍රිස්පි ගතිය එනතෙක් බැදගන්න. 
🌷 සිහින්ව කපාගත් ළූණු ද බැදගන්න.
🌷 කරපිංචාද කොල වෙන්කර සෝදා බැදගන්න.
(ඉහත සියල්ල වෙන වෙනම බැදගත යුතුය)
🌷 තාච්චියකට තෙල් ටිකක් දමා එයට උම්බලකඩ දමා බැදෙන විට කෑලි මිරිස්ද දමා බැදගන්න.
🌷 එය බැදීගෙන එනවිට එයට කලින් බැදගත්ත කෙහෙල්මුව, කරපිංචා, ළූණු දමා ලිපෙන් බාන්න.
🌷 එයට සියඹලා යුෂ එකතු කර මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් සීනිත් , ලුණුත් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

කල්තබා ගත හැකි බඳුනක දමා ප්‍රයෝජනයට ගන්න.
මේක සතියක් විතර අදින්න පුලුවන්.😋😋

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...