Sunday, June 23, 2019

162. කජු මාළුවක් සාදාගන්නා ආකාරය

ගොඩ දවසකින් අලුත් දෙයක් ගෙන්න බැරි වුනා එත් මෙන පැරනි කැමක් අලුත් විදිහට සාදාගන්නා ආකාරය අද කියා දෙන්නම්.


කජු මාළුව සාදාගන්නා ආකාරය

අමු කජු ග්‍රෑම් 100ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
තුනපහ තේ හැඳි 1/2ක්
අබ ඇට තේ හැඳි 1/4ක්
උලු හාල් තේ හැඳි 1/2ක්
එනසාල් ඇට 2ක්
කුරුඳු පොතු අඟල් 2 පමණ කැබැල්ලක්
සුදු ළූණූ බික් 3ක්
රතු ළූණූ ගෙඩි 3ක්
කරපින්චා
රම්පෙ
ලුණු පදමට
මිටි පොල් කිරි කෝප්ප 1ක්
දිය පොල් කිරි කෝප්ප 1/2ක්

කජු ටික වැසෙන පමණට මදක් ඉහලට උණු වතුර දමා පැය 7-8ක් පමන පෙඟෙන්න තබන්න.

පෙඟුන කජු සෝදා හැර එයට පහේ ටික, ලූණු, සුදු ළූණූ, රම්පෙ, කරපින්චා ටික දමා වතුර කෝප්ප දෙකක් එකතු කර අඩු ගින්දරේ පිසින්න.

කජු අතින් පොඩි වන තුරු පිසගත යුතු වෙනවා. පොඩි වන්නේ නැති නම් තව වතුර පොඩ්ඩ පොඩ්ඩ එකතු කර පිස ගන්න. හොඳින් පිසුනු පසු එයට මිටි කිරි සහ දිය කිරි එකතු කර සාමාන්‍ය ගින්දරේ කිරි ටික හිඳෙන තෙක් පිසගන්න.




මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...