Friday, April 6, 2018

150. කඩල කරියක් සාදාගන්නා ආකාරය

.හැමදාම කඩල තම්බල කෑව මිසක කාලෙකින් කඩල කරියක රස බැලුවෙ නැහැ නේද? ඒ නිසාම වෙනසකටත් එක්ක හැමදාම කන පරිප්පු වෙනුවට අද අපි කඩල කරියක රස බලමු. හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් කඩල කෝප්ප 2ක්
ලොකු ළූණු ගෙඩි 1
උළුහාල් තේ හැඳි 1ක්
අමු මිරිස් කරල් 3ක්
බැදපු තුන පහ අකුඩු මේස හැඳි 1ක්
මිරිස් කුඩු මේස හැඳි 1ක්
කහ කුඩු ස්වල්පයක්
කරපිංචා ඉති 3ක්
මිටි කිරි කෝප්ප 2ක්
අබ ඇට මේස හැඳි 1ක්
තෙල් මේස හැඳි 2ක්
ලුණු

සාදා ගන්නා ආකාරය
මේ කරි එක හදා ගන්න මැටි හට්ටියක් තිබුනොතින්නම් හොදටම හොඳයි. එහෙම නැත්නම ඔයාට පහසු විදිහක් ‍තෝර ගන්න. මැටි හට්ටිය ලිපේ තියල ඒකට තෙල් එකතු කර ගන්න. එයටම සිහින්ව ලියාගත් අමුමිරිස්, ළූණු, අබ ඇට දමා තෙම්පරාදු කරගන්න. තරමක් තෙම්පරාදු වූ පසුව එයට බැදපු තුනපහ, මිරිස් කුඩු, කහ, කරපිංචා එකතුකර මිටි කිරිත් එයටම එකතුකරගන්න. හොඳින් හැඳිගා තම්බාගත් කඩලත් එයටම එකතුකරගන්න. ලුණුත් එකතු කරගන්න. කරිය නටන තුරු හොඳින් හැඳි ගා ලිප නිවන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Amila & Hashi

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...