Friday, October 2, 2015

79. සී ෆුට් රයිස් සාදාගන්නා ආකාරය

සී ෆුට් රයිස් සාදාගන්නා ආකාරය 

                                                        
  මේසදහා අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

 පිසගත් බාස්මතී බත් ග්‍රෑම් 200 ක්
 බිත්තර 01 ක් 
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්
 සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 40 ක් 
පොඩියට කපාබැදගත් දැල්ලෝ ග්‍රෑම් 50 ක් 
පොඩියට කපා බැදගත් මාඵ ග්‍රෑම් 50 ක් 
පොඩියට කපාබැදගත් ඉස්සො ග්‍රෑම් 50 ක් 
 තෙල් තේහැදි 01 ක් 
ලූනු කොළ සිහින්ව කපාගත් ග්‍රෑම් 25 ක් 
රසපදමට ලුණු

                                                                 
සාදාගන්නා ආකාරය
°°°°°°°°°°°°°°°°°°••°°•


ප්‍රථමයෙන් ගැඔුරැති භාඡනයක් ළිපතබා එයට තෙල් ස්වල්පයක් එක්කරන්න ඉන්පසු කැරට් හා ගෝවා ප්‍රමාණය එක්කර තෙම්පරාදු කරගන්න එළවඵ තරමක් තෙලෙන් මැළවූ විට බිත්තරය කඩා එයට දමා මදවේලාවකින් උයාගත් බාස්මතී බත් ප්‍රමාණය එකතු කරන්න ඉන්පසුව එයට දැල්ලො මාඵ ඉස්සො එකතුකර හොදින් පිස රසපදමට ලුණු එක්කරන්න අවසානයේ ලූනුකොළ ප්‍රමාණය එකතුකර මදවේලාවක් තබාලිපෙන් බාගන්න.

Amila & Hashi

                                     තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...