Wednesday, September 9, 2015

2. හැමදාම කන පරිපු හදමු..


හැමදාම කන පරිප්පු...රසට හදන්න
ඉගනගමු





අවශ්‍ය ද්‍රව්‍ය  :  පරිප්පු, ලොකු ලූණු, සුදු ලූණු, කරපිංච, කුරුදු කෑල්ලක්,අමු මිරිස් කරල් දෙක තුනක්, රම්පෙ, උම්බලකඩ,දිය කිරි,මිටි කිරි

අඩු ගින්දරෙන්. පරිප්පු, ලොකු ලූණු, සුදු ලූණු, කරපිංච, කුරුදු කෑල්ලක් අමු මිරිස් කරල් දෙක තුනක්, රම්පෙ, දිය කිරි ටිකක් එක්ක භාජනයකට දාල ලිපේ තියන්න

පරිප්පු ටික තැඹිලි පාටෙන් කහ පාටට හැරීගෙන එන කොට(එ් කියන්නෙ සාමාන්‍යයෙන් තැම්බීගෙන එන කොට) දාන්න මිටි කිරි. කහකුඩු, තුනපහ සහ ලුණු..

එ්ක තැම්බෙන්න අැරල, වෙනත් භාජනයකට තෙල් ටිකක් දාල රත් උනාම – අබ, ලියාගත් දොකු ලූණු, ලියාගත් සුදු ලූණු, කෑළි මිරිස්, අමු මිරිස් කරල් දෙක තුනක් (වියලි මිරිස් නම් තවත් රසයි), කරපිංච, රම්පෙ සහ ලුණු ටිකක් එක්තු කරල රන් පැහැ වෙනකල් බදින්න..

හොදින් තැමුබුන පරිප්පු එකට මේ තෙල් දාපු රන් පැහැ ලූණු මිශ්‍රණය එකතු කරන්න…පරිප්පුව තෙම්පරාදු වෙන්න දෙන්න…


Amila & Hashi
තවත් අයට බලන්න share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...