Sunday, September 20, 2015

29. රසයි ගුණයි රසම් නැත්තම් තැම්බුන් හොද්දක් සාදාගන්නා ආකාරය

රසයි ගුණයි රසම් නැත්තම් තැම්බුන් හොදි සාදාගන්නා ආකාරය 

රසයි ගුණයි රසම් නැත්තම් තැම්බුන් හොදි

ලොකු ලූණු 1
සුදු ලූණු 1 - 1/2 -
සූදුරු හැන්දක්
ගම්මිරිස් ඇට 15 - 20
කරපිංචා
අමු මිරිස් කරල් 2 - 3
ගොරකා හෝ තක්කලි (ගොරකා නම් කෑලි 2 ක් වගේ, තක්කලි නම් ගෙඩියක් විතර)
හීනි මිරිස්කුඩු තේ හැන්දක් (සැරට ඔ්නෙ නම්)
කුරුදු පොත්තක්
වතුර කෝ්ප්ප 3 ක්

වතුර එක්ක ඔක්කොම දේවල් ටික එකතු කරලා හොද්ද උතුරනකොට බා ගන්න. මේක ඉදුනම හොද සුවදක් එනවා.
දැන් මේක පෙනේරයක් උඩ තියලා හොදින් පොඩි කරලා වතුර ටික පෙරලා ගන්න.
මේකෙ කිසිම අගුණ දෙයක් නැති නිසා පෙරන්නේ නැතුව ගත්තත් ප්‍රශ්ණයක් නැ.
අපි නම් ඉතිං පෙරන්නේ නැ.

උණක් බඩේ අමාරුවක් හැදුනු වෙලාවට තමයි මේකේ වටිනාකම තියෙන්නේ
අතීසාරය හැදුනු කෙනෙකුටනම් තක්කලි නොදා ගොරකා දාන්න
උණ තියෙන වෙලාවට කෑම අරුචිය යන්න මේක හොද ඛෙහෙතක්
බත් හෝ පාන් එක්ක කන්න පුළුවන්


Amila & Hashi

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...