Saturday, September 26, 2015

54. කඩල කරියක් සාදාගන්නා ආකාරය

කඩල කරියක් සාදාගන්නා ආකාරය 
අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°°°°
තම්බපු කඩල 250g
1)මිරිස් කුඩු තේ හැන්දක්
තුනපහ කුඩු මේස හැදි 1 1/2ක්
කහ කුඩු ටිකක්
කුඩාවට කැපු තක්කාලි ලොකු ගෙඩියක්
කුරුදු පොත්තක්
තලාගත් ඉගුරු සුදුලූනු ටිකක්
කපාගත් ලූනු අමුමිරිස්
රම්ප කරපින්චා
2-)තිබේනම් කොත්තමල්ලි කොලටිකක් සිහින්ව කපාගන්න
පොල් කිරි
ගොරකා කෑලි දෙකක් වගේ
සීනි රහිත යෝගට් හෝ මුදවපු කිරි මේස හැන්දක්.
තෙල් ටිකක්

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°

තෙල් ලිපේ තබා ඉහත 1)යටතේ සදහන් සියල්ල හොදින් තෙම්පරාදු කරන්න.එයට යෝගට් මේස හැන්දක්ද දමා මිශ්‍රකර කඩල ටික දමා හොදින් මිශ්‍ර කරන්න.ගොරකා කැබැල්ලක්ද දමන්න.දැන් දියකිරි ටිකක් දමා උතුරවා ගන්න.පසුව උකු මිටි කිරි දමා උකුවට පිස ගන්න.අවසානයට ලිපෙන් බාන්නට කලින් කොත්තමල්ලි කොල ටිකක් එකතු කරන්න.  

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...