Wednesday, February 21, 2024

220 එළවළු රොටි සාදා ගන්නා ආකාරය

ඉක්මනින් හදමු එලවළු රොටි



පිටිමෝලිය සකස් කරගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 250g ක්
බිත්තර 1 යි
ලුනු ස්වල්පයක්

මැද පිරවුම සඳහා

අර්තාපල් 100 g
කුඩා කැරට් අලයක්
ලීක්ස්
ලුණු ගෙඩියක්
ගම්මිරිස් තේ හැඳි ½ (එය රස අනුව)
තුනපහ කුඩු තේ හැඳි ½ යොදාගත හැකි ය.
කහ ස්වල්පයක්
රස අනුව ලුණු, කරපිංචා සහ රම්පෙ

සාදන ක්‍රමය:- 

පළමුව අල තම්බා තරමක් කැබැලි තිබෙන සේ පොඩිකර ගන්න. භාජනයක් ළිප තබා ඊට තෙල් එක්කර, රත්වන විට රම්පෙ සහ කරපිංචා එක්කර ගන්න. දැන් ඊට සිහින්ව කපාගත් කැරට් අලය ද, අර්තාපල්, තක්කාලි සහ ලීක්ස් ද එක්කර ගන්න. පසුව තුනපහ කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් සහ කහ ද එක්කර ගනිමින් මැදි පිරවුම සකස් කර ගන්න.

පිටිමෝලිය සකස් කරගැනීම

පාන් පිටි, වතුර,ලුණු සහ බිත්තර හොඳින් මිශ්‍ර කරමින්, අතේ නොඇලෙන පදමට අනාගන්න. අනාගත් එම පාන්පිටි, ගුලියක් ආකාරයට සකසා , එහි තෙල් තවරා, තෙල් ගෑ තැටියක තබන්න. 

දැන් තෙත රෙදි කඩක් ගෙන පැයක පමණ වේලාවක් වසා තබන්න. ඉන්පසු නැවතත් එම පිටි ටික අනා, කුඩා කොටස් 6 කට වෙන්කර ගන්න. 

නැවතත් මිනිත්තු 20 ක පමණ කාලයක් පසෙකින් තබන්න. ඉන්පසු තෙල් තවරා ගත් මතුපිටක හොඳින් තුනීකර, සාමාන්‍ය ප්‍රමාණයේ රොටියක් ආකාරයට සකස් කර ගන්න. 

දැන් එහි අඟල් 3 ක පමණ දුරින් ඉහත සකස් කළ මිශ්‍රණය තබා, දෙපසින් මතුපිටට නවන්න. ඉන්පසු නැවත ඉතිරි කොන් ද මතුපිටට නවා හතරැස් ආකාරයට රොටිය පිළියෙළ කරගන්න. අනතුරුව , තෙල් තවරාගත් තැටියක් මත තබා, රන්වන් පැහැ ගැන්වෙනතුරු මඳ ගින්නේ පුළුස්සා ගන්න.


Garlic and Ginger

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...