Sunday, October 30, 2022

199. රටකජු බැදුමක් රසට ( බයිට් ) සාදාගන්නා ආකාරය

රටකජු_ලූනු_බැදුම
   __________________
  

     මේ රටකජු ලූණු බැදුමත් මාස තුන හතරක් තියාගන්න පුලුවන් බැදුමක්. රැකියාවට යන ගෘහණියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
     උදේට නැගිටින්න වෙලාගිය දවසට  පොල් සම්බෝලයක් හදලා මේ බැදුමෙන් ටිකක් දාලා බත් මුල බදින්න පුලුවන් . ගෙදර ඉන්න දවසට පපඩමක් බැදලා කුඩු කරලා මේ බැදුමෙන් ටිකක් දාලා කලවම් කරලා වෙනස් විදිහට කන්න ගන්නත් පුලුවනි .

💁 අවශ්‍ය දේවල් : -
                      බී ලූනු  250g 🌰
                     රටකජු  1 cup 🥜
                     උම්බලකඩ  100g 🥩
                     කරපිංචා  1 cup 
                     කඩල පරිප්පු   4 tbs 
                     මිරිස් කුඩු  2 tsp 🌶️
                     සීනි   2 tsp 
                     දෙහි බෑවක යුෂ 🍋
                     රස අනුව ලුණු 

💁 සාදාගන්නා ආකාරය : -
              බී ලූනු තරමක් ලොකූවට කපන්න . කපා ගත් ලූනු ටිෂූ එකක් මත අතුරා තියන්න තෙත ගතිය නැතිවෙනකම් .
කරපිංචා සෝදා සුරාගෙන කිචන් ටවල් එකක් මත හෝ ටිෂූ එකක් මත අතුරා තියන්න වෙලෙනකම්.
රටකජු පොතුහැර සුද්ද කරන්න .උම්බලකඩ තරමක් පොඩි කෑලි වලට කුඩු කරන්න .තෙල් තාච්චිය ලිපෙන් තියා අඩුගින්දරේ රත් කරන්න .
      රත් වූ තෙලේ බී ලූනු බදින්න . මුලින්ම විනාඩි 3 බැද පසුව නැවත පාරක් රන්වන් පාටට බැද ගන්න .රටකජු ටික හා කඩල පරිප්පු වෙන වෙනම බැද ගන්න . ගොඩක් බදින්න එපා කරවෙයි. යන්තමට බැදුන විට ගන්න . රස්නෙට තවත් බැදෙනවා. උම්බලකඩ ටිකත් යන්තමට බැද ගෙන ලූනු හා රටකජු එකටම දාන්න .
          අන්තිමට කරපිංචා ටිකත් තෙලට දාලා ඒ සැනින්ම ගන්න .දැන් මේ සියල්ලම එකම කඩදාසියක ඔතා විනාඩි  15  පමණ තියන්න .තාච්චියේ තෙල් චූට්ටක් තියා අනිත් තෙල් අයින් කර ඒ තෙල් ටික නැවත අඩූ ගින්දරේ රත් කරන්න .දැන් ඒකට මිරිස් කුඩු දාන්න . ලුණුත් දාන්න . කලවම් කර සීනි දාන්න . නැවත කලවම්  කරන්න .
      දෙහි ඉස්ම ටික දාන්න .කලවම් කර අපි බැදගත් සියලුම දේ දාලා ඔක්කොම හොඳට මික්ස් වෙන්න කලවම් කරන්න . මේ ටික කරන  විට අත ඉක්මන් කරලා ඉක්මනට ... ඉක්මනට කරන්න ඕනෙ . නැතිනම් මිරිස් මිශ්‍රණය පිච්චිලා කලුවෙලා යනවා .නිවුන පසු බෝතලයකට දාගන්න . මේ බැදුම මාස තුන හතරක් තියාගන්න පුලුවනි.

ස්තුතියි !
© Cook with laxmi £ - 93
Laxmi Palihakkara

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...