හාල් වලින් හදන පැණි අග්ගලා සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
කැමති හාල් වර්ගයකින් හාල් 250 g.
පැණි කෝප්ප එකහමාරක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
සීනි කෝප්ප භාගයක්
ලුණු ස්වල්පයක්
සදාගන්නා ආකාරය
ප්‍රථමයෙන් හොදින් හාල් සෝදා තෙත වතුර බේරෙන්නට ටික වේලාවක් පසෙකින් තබන්න .
ඉන්පසු තාච්චියක් ලිපේ තියලා තෙත බේරුණු හාල්,ගම්මිරිස් ඇට දමා හොදින් රන්වන් පාට වන තෙක් බැදගන්න අඩු ගින්දරේ .
ඉන්පසු බැදගත් හාල් ටික ග්‍රයින්ඩ් කරගන්න .
කුඩුකරගත් හාල් කුඩු ටික ග්‍රෑම් 50ක් පමණ වෙනම භාජනයකට දමා ගන්න .මෙය අග්ගලා බොල කර පසු දවටා ගැනීම සඳහා .
ඉතුරු ග්‍රෑම් 200 පසකින් තබා ගන්න
ඉන්පසු මැටි වලදක් ලිප තබන්න .
එයට සීනි,පැණි ,ලුණු ස්වල්පයක් දමා
අඩු ගින්දරේ උණු කරන්න .හොඳින් හැඳි ගාමින් ටික වේලාවක් තබන්න.පොඩි පොඩියට පැණි මතුපිට බුබුළු දමා ගෙන එන විට ලිපෙන් බාගෙන පසෙකින් තබන්න .මෙය හොඳින් හැඳි ගාන්න මතක තබන්න .
ඉන්පසු නැවත භාජනයක් ගෙන කුඩුකරගත් හාල් කූඩු ටික මෙම භාජනයට දමාගන්න .එයින් පසු උණු කරගත් පැණි ටික දමා හොඳින් හැඳි ගාමින් කලවම් කරන්න .
පැණි දමා කලවම් කරගත් පසු මද රස්නේ පිටින්ම අග්ගලා බොල හදාගෙන ,පසෙකින් තබා ගත් කුඩුකරගත් හාල් 50 g මත දවටා ගන්න .
සාදාගන්නා ආකාරය පහත රූප සටහන්
මගින් පියවරෙන් පියවර සඳහන් කර ඇත .
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න