Sunday, April 19, 2020

186. කඩයේ තියෙන පිලිකා කාරක සොයාමීට් ගෙදරදි පිලිකා කාරක නැතිව  රසට  සාදාගන්නා  ආකාරය

කඩයේ තියෙන පිලිකා කාරක සොයාමීට්  ගෙදරදි  රසට  සාදාගන්නා  ආකාරය

අවශ්‍ය දෑ
මුං ඇට 500g
මිරිස් කුඩු  මෙස හැන්දක් 
තුනපහා මෙස හැන්දක්
කරපිංචා 
ගම්බිරිස් තේ හැන්ද
ඉගුරු කැල්ලක්
සුදු ළුණු බික් 3/4
කහා තෙ හැන්දක්
අවශ්‍ය නම් රස ගැන්විම සදහා සැමන් හෝ අබරාගත් මස් 100g

සාදාගන්නා ආකාරය 

මුංඇට   රැයක් පෙගෙන්න  දාගන්න ..ඉන් පසු දින එය හොදට බ්ලෙන්ඩර් කරගන්න .බ්ලෙන්ඩර් කරගැනීමේදී මිරිස් ,තුනපහ ,කරපිංචා ,ගම්මිරිස් ,ඉගුරු කැබැල්ලක් සහ සුදු ළුනු බික් 3/4ක් සමග ලුණු එකතු කරගන්න .(ඔබට අවශ්‍ය පමණ ඉහත කී දේවල් එකතු කරගන්න ) පසුව හොදින් ක්‍රීම් එකක් වන තුරු බ්ලෙන්ඩර් කරගැනීමෙන් පසුව හදා ගත් මිශ්‍රණය steam කරගන්න ( මම රයිස් කුකර් එකේ steam කරන කොටසේ තමා steam කරේ .මට නම් පැය බාගයක් ගියා .ඔයාලා ගන්න මුං ප්‍රමානය මත වෙලාව තීරණය වෙනවා ) පස්සේ හොදින් steam කරගත්තට පසුව හොදින් නිවෙන්නට හැර අවශ්‍ය තරමේ කොටස් කපාගන්න .
කරිය සාදාගන්නා ආකාරය 

 හට්ටියකට තෙල් ටිකක් දමා රත්වනවිට මිරිස් තුනපහ කහ ගම්මිරිස් ලුණු අවශ්‍ය ප්‍රමාණයට ,රම්පෙ කරපිංචා දමාගන්න .පසුවසිහින්ව ලියාගත් ලුණු අමුමිරිස් ,තලාගත් ඉගුරු සුදුළුනු දමාගෙන කැබලි කපාගත් මුං මස් ටික දමාගෙන තමාට අවශ්‍ය ප්‍රමාණයට උකු පොල්කිරි දමාගෙන පිසගන්න .ගොරකා කැබැල්ලකුත් කරාබු නැටි දෙක තුනක් හා එනසල් ඇට දෙකක් එකතු කරගන්න .අවශ්‍ය නම් සුප් කැටයක් දාගන්න. 


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...