Friday, April 10, 2020

184. චිකන් බුරියානි සාදාගන්නා ආකාරය

අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ බුරියානි එකක් හදාගන්න හැටි

අවශ්‍ය ද්‍ය්‍රවය-🤔
Bලූනු ගෙඩියක්
තක්කාලි ගෙඩි 2ක්
චිකන් 
කරපිංචා 
කුරුදුපොතු ටිකක්
කිරි යෝගට් 2ක්
බාස්මතී හාල් 1kg
මිංචිකොල ටිකක්
බුරියානි පව්ඩර් (ගෙදර හදාගන්න පුළුවන් )
වියලි මිදි ටිකක් (අවශ්‍ය නම් පමනක්)
බිත්තර 
සාදාගන්නා ආකාරය 
1.බාජනයක් ලිපේතියලා රත්කරලා ඒකට තෙල් ටිකක් දාන්න.
2.තෙල් ටික රත් උනාම තක්කාලි ටික දාලා වතුර ගතිය නැතිවෙනකම්ම බැදගන්න.
3.තක්කාලි ටික හොදට බැදුනම ලූනු ටික එකතුකරන්න.ලූනු ටිකත් රන්වන් පාට වෙන්න බැදගන්න.
4.ඊටපස්සෙ ඒකට බුරියානි පව්ඩර් එක එකතුකරන්න එකතුකරලා විනාඩි2ක් බැදගන්න.
5.ඊටපස්සෙ ඒකට චිකන් ටික එකතුකරලා හොදට තම්බගන්න .
6.මිශ්‍රණය හොදට තැම්බුනාම යෝගට් දෙක එකතුකරන්න.එකතුකරලා හොදට කවලම් කරගන්න.
7.ඊටපස්සෙ ඒ මිශ්‍රණය යට බාස්මතී හාල් ටික එකතුකරන්න .එකතුකරලා අවශ්‍ය ප්‍රමානයට වතුර එකතුකරලා හුමාලය පිටට යන්නෙ නැතිවෙන්න තම්බගන්න.
8.ඊටපස්සෙ වියලි මිදි .මිංචිකොල ටික බතට දාලා කවලම් කරන්න.බිතරටිකත් තම්බලා ඒකට උඩින් දාන්න.
ඊටපස්සෙ පිගානක් අරන් බෙදාගෙන පොඩ්ඩක් කන්න ගෙදර අනිත් අයටත් තියලා🤣🤣🤣

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...