Saturday, October 3, 2015

83. ෆ්‍රයිඩ් රයිස් ගෙදරදිම සාදාගන්නා ආකාරය

ෆ්‍රයිඩ් රයිස් ගෙදරදිම සාදාගන්නා ආකාරය


අවශ්‍ය ද්‍රව්‍ය 
°°°°°°°°°°°°°°°°°°

කටු හා‍ පොතු ඉවත්කරගත් ඉස්සන් ග්‍රෑ 100
කුකුල් මස් ග්‍රෑ 50
පිසගත් බාස්මතී බත් ග්‍රෑ 500
බිත්තර 4
තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑ 10
කුඩාවට කපන ලද කළු හතු හෝ බට්න් හතු ග්‍රෑ 10
රසකාරක තේ හැදි 1/2
සුදු ගම්මිරිස් කුඩු 
ලුණු අවශ්‍ය පමණට
කෝන්පිටි මේස හැදි 1
සීසම් තෙල් තේ හැදි 1/4
ලූණු කොල මේස හැදි 5
කෝන්තේල් අවශ්‍ය තරම්

සාදන ආකාරය
°°°°°°°°°°°°°°°

ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා කෝනතෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සීසම් තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න. දැන් එය රසබැලීමට ඔබට අවස්ථාව උදාවී තිබේ. 

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...