Tuesday, September 29, 2015

64. මාළු ඩෙවල්  සාදාගන්නා ආකාරය

මාළු ඩෙවල්  සාදාගන්නා ආකාරය


අවශ්‍ය දුව්‍ය
°°°°°°°°°°°°°°°°°°°°°
තෝර මාළු 500g
ලොකු ළූණු 50g
මාළු මිරිස් 100g
තක්කාලි ගෙඩි 02
අමු මිරිස් කරල් 05
මිරිස් කුඩු 2Tsp
කෑලි මිරිස් 1Tsp
තක්කාලි සෝස් 5Tsp
සීනි ස්වල්පයක්
අජිනමොටෝ 1Tsp
ඉගුරු ස්වල්පයක්

සදන ක්‍රමය
°°°°°°°°°°°°°°°°°°°°°
තෝර මාළු කුඩා කැබලි වලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ළූණු ගෙඩි 4ට පලා පියලි ගලවා ග්නන. මාළු මිරිස්වල ඇට ඉවත් කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න. තෙල් ලිපේ තබා රත්වූ විට තලාගත් ඉගුරු, සුදු ළූණු, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලුණු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ලිපෙන් බා ගන්න


Amila & Hash
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...