Monday, September 21, 2015

31. මාළු රසයට සුවිශේෂී ටුනා ෆිෂ් සාදාගන්නා ආකාරය

මාළු රසයට සුවිශේෂී ටුනා ෆිෂ් සාදාගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය :-

කෙලවල්ලා මාළු ග්‍රෑම් 300 ( හම ගසා කටු ඉවත් කර හතරැස් කැබලි කපා ගන්න )
මාළු මිරිස් කරල් 3 ක් ලොකුවට කැබලි කපා ගන්න.
බී ලූණු ගෙඩි 2ක් ලොකුවට කැබලි කපා ගන්න.
තක්කාලි ගෙඩි 2ක් ලොකු කැබලි කපා ගන්න.
අමු මිරිස් කරල් 3ක් 4ක් දිග් අතට කපා ගන්න.
සුදුලූනු බික් 6ක් 7ක් දිග් අතට ලියා ගන්න .
ඉඟුරු කැබැල්ලක් හීනියට පෙති කපා ගන්න.
තෙල් ස්වල්පයක්,කෑලි මිරිස් තේ හැඳි 2ක් පමණතක්කාලි සෝස් මේස හැඳි 03ක් ,අඹ චට්නි මේස හැන්දක් පමණ හීනියට චොප් කරන්න (ලුණු රස අනුව).

සාදා ගන්නා ක්‍රමය

කපා ගත මාළු කැබලි වලට වතුර ටිකක් එක් කර ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්න හරින්න .වෙනත් භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් රත් කර එයට කපා ගත් එළවලු දමා යන්තම් බැද ගන්න . තම්බා ගත් මාළු ද එයට එකතු කර නොකැඩෙනසේ යාන්තමට බැද ගන්න.කෑලි මිරිස් , තක්කාලි සෝස් හා චට්නි ප්‍රමාණයද එක්කර රස අනුව ලුණු එක් කරන්න. උණුසුම්ව පිළිගන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...