Tuesday, April 28, 2020

188.  මාරි බිස්කට් පුඩිමක් සාදාගන්නා ආකාරය

හැමදාම බිස්කට් කිරි එකේ පොඟවන් කාලා හරියනවයෑ කියලා අද කිරි ටිකයි බිස්කට් ටිකයි අරන් ගැහුවා බර පුඩිමක්... 
 මාරි බිස්කට් පුඩිම

අවශ්‍ය දෑ
°°°°°°°°°°
මාරි බිස්කට්  21 
කිරිපිටි හැඳි තුනයි 
වතුර වීදුරුවයි 
සීනී හැඳි 8 යි 
ලොකු බිත්තර 3 යි... 
වැනිලා බිංදු 3,4ක් 

සාදාගන්නා ආකාරය 

 මුලින්ම සීනී හැඳි 8 න් 3 ක් අරන් කැරමල් එක හදාගෙන පුඩිම සෙට් කරන භාජනයේ අඩියේ හොඳින් තවරගන්න. 👍 ඊටපස්සේ බිස්කට් ටික ග්‍රයින්ඩර් එකේ දාලා කුඩු කරගන්න .. 👍 ඊටපස්සේ බාගෙට රස්නේ උනු වතුර වීදුරුවකට කිරිපිටි හැඳි 3යි, සීනී හැඳි 5 යි දාලා දියකරගන්න. 👍 ඊටපස්සේ බිත්තර 3 කඩාලා හැන්දකින් ටිකක් ගසාගෙන පෙනේරයකින් පෙරාගන්න.. (මේ පෙරීමෙන් කරන්නේ පිළීගඳ තියෙන සාරු අයින් කරගන්න එක) 👍 ඊටපස්සේ බිස්කට් කුඩු, බිත්තර , කිරි මිශ්‍රණය, වැනිලා බිංදු 2ක් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න .. 👍 දැන් අර කැරමල් ගාගත්තු භාජනේට පුඩිම් මිශ්‍රණය දාලා ෆොයිල් පේපර් එකකින් වසාගෙන වි.20 / 25 ක් හුමාලයෙන් තම්බගන්න. 👍 විනාඩි 20 කින් විතර ටූත් පික් එකක් ගහලා මිශ්‍රණය හොඳින් හයිවෙලාද බලන්න. මිශ්‍රණය ටූත් පික් එකේ තැවරෙනවා නම් තව ටික වෙලාවක් තියෙන්න.. 👍 අන්තිමට සෙට් වෙච්ච පුඩිම නිවෙන්න තියලා තැටියකට දාගෙන ශීතකරණ යේ දාලා ටිකකින් කන්න ❤❤

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...