Thursday, March 3, 2016

137. එලවළු සමග පැස්තා සාදාගන්නා ආකාරය

එලවළු සමග පැස්තා සාදාගන්නා ආකාරය .
එග් පාස්තා 500g
කටු නැති මස් වර්ගයක් ගන්න 300g විතර
කැරට් අල 2,
ලීක්ස් එක ගහක කොල කොටස 
බේබි ටෝමටෝ 6, රතු බෙල් පෙපර් පොඩි කොටසක් 
ලොකු ළුණු 1
සුදු ළුණු බික් 3
බටර් මේස හැදී 2 
ඔලිව් තෙල් මේස හැදී 1, රස අනුව ලුණු, මිරිස් කෑලි තේ හැදී 1/2  
ගම්ම්රිරිස් කුඩු තේ හැදී 1/2  
පැණි රස නැති තක්කාලි පේස්ට් එකෙන් මේස හැදී 2 විතර..

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°°°°
දැන් මේ ගන්න දේවල් ලිවම ඒ ගැනම හිතන්න එපා, ඔයාලට තියෙන දේවල් උපයෝගී කරගෙන මේ රසට හදන්න..එළවලු තියෙන දේවල් ගන්න..
දිගට දිගට ලියන්නේ නෑ මම ඔයාලට හදන කෑම එක අමාරුයි කියල හිතේවි..
ඒ නිසා බොහොම සරලව ලියන්නම් හොදේ..
පාස්තා වතුර එකක් උණුකර එයට ලුණු එකතුකර තම්බාගන්න..
**නිතරම පාස්තා තම්බද්දී පාස්තා එකට ඇලෙනවා වගේ නම් තෙල් මේස හැන්දක් විතර වතුරට එකතු කරන්න..
තම්බගන්න පාස්තා වල වතුර පොඩ්ඩක් අයින් කරලා තියාගන්න..කෝප්ප බාගයක් වගේ..
මස් පොඩි තීරු වගේ වෙන්න කපලා වෙනම ඔලිව් තෙල් මේස හැදී එකක් සමගින් බැදගන්න..
ලොකු පෑන් එකක..බටර් මේස හැදී 2 එකතු කර එයට පුන්චියටම කපාගත් සුදු ළුණු, කපාගත් ළුණු එකතු කරන්න හොදින් බැදුණු පසු මුලින්ම කැරට් එකතු කරන්න පුංචි වෙලාවක් උයාගන්න..දැන් මෙයට ලුණු, මිරිස් කෑලි සහ ගම්මිරිස් එකතු කරන්න..ඊළගට කපාගත් අනිත් එළවලු, ලීක්ස්, බෙල් පෙපර්, බේබි ටෝමටෝ එකතු කරන්න...දැන් අර තම්බාගත් පාස්තා වල වතුර හැදී දෙකක් හෝ තුනක් එකතු කරන්න...එයටම තක්කාලි පේස්ට් එක එකතු කරන්න...මේ ටික හොදින් උයාගත් පසුව බැදගත් මස් එකතු කර තම්බාගත් පාස්ත එකතු කරන්න..හරිම ලේසියි ඒ වගේම ගොඩක් රසයි..ඔයාලත් හදලම බලල මට රස කියන්න :) 
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...