Wednesday, November 25, 2015

130.  සවු දොදොල් සාදාගන්නා ආකාරය 

 සවු දොදොල් සාදාගන්නා ආකාරය 


අවශ්ය දෑ....

පාන් පීටි 1කි
.ලොකු පොල් ගෙඩි 2ක් අ උකු කිරි
පැනි හුන්ඩු 2
සීනි 200ග්
වැනිලා තේ හැදි 2ක්
කරද මුන්ගු කරල් 5ක් පමන....

පාන් පිටි හොදින් තම්බා ගන්න...හොදින් නිවෙන අරින්න...
වතුර කොප්ප 5කට ලුනු මෙස හැදි 2ක් දමාහොදින් කලවම් කර...පාන් පිටි ටික ටික අරන් ලුනු වතුර ටික ටික දමමින් කැට ගසා ගන්න..පොඩි කැට...
ඉට පසුව කැට ගසා ගත් පාන් පිට් කැට වාශ්පයෙන් හොදින් තම්බා ගන්න...
උකු පොල් කිරි වලට කරදමුන්ගු,පැනි,ලුනු මෙස හැන්දක්..සීනි ,වැනිලා සියල්ල බාජනයකට දමා ලිපෙ තබා කැට නොගැසෙන්න එක දිගටම හැදි ගාන්න...
හැදි ගා හොදින් නැ‍ටු පසුව කැට ගසා වාශ්පයෙන් තම්බා ගත් පාන් පිටි කැට සියල්ල එකතු කර හොදට පදම් වන තුරු...හැදි ගා...ට්‍රේ එකකටහෝ පිගානකට වඩා ගන්න කිරිබත් වඩනව වගේ...

Amila & Hashi


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, November 21, 2015

129. කොත්තමල්ලි කොල චට්නි සාදාගන්නා ආකාරය 

කොත්තමල්ලි කොල චට්නි සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍යඃ

පුන්චියට කපපු කොත්තමල්ලි කොල කෝප්පයක් පුරවල ගන්න
ලොකු ළුෑනු ගෙඩියක් පොඩියට කපල ගන්න
සුදුළුෑනු බික් දෙක තුනක් පොතු ඇරල තලල ගන්න
දෙහි ඉස්ම කෝප්ප බාගයක්
චාට් මසාලා තේ හැන්දක්
අමුමිරිස් කරල් දෙකක් විතර
ලුනු අවශ්‍ය පමන

සාදන අයුරැ :

කොත්තමල්ලි කොල ,ළුෑනු ,සුදුළුෑනු ,අමුමිරිස් ,චාට් මසාල යන සියල්ල ග්‍රයින්ඩර් එකකට හෝ ෆුඩ් ප්‍රොසෙසරයකට දමා හීනියට කුඩු කර ගන්න .
පසුව මේ මිශ්‍රණයට දෙහි ඉස්ම එකතුකර අවශ්‍ය පමන ලුනු කලවම්කරන්න .

සැරට කැමති අය, වේලපු මිරිස් කරල් දෙක තුනක් හෝදලා අරන් යාන්තමට කොන් කඩල විනාඩියක් විතර මේ චට්නියෙ පොගවල තියල ගත්තහම රසයි .

මේ චට්නිය පකෝරා,පුඩ්ලා ,ඩෝක්ලා ,ඩම්ප්ලින්ග්ස් වගේ ඕනම ආහාරයක් එක්ක පිලිගන්වන්න පුළුවන් .

Ami & Hashi
     



                             මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, November 20, 2015

128. ගෙදර තියෙන දේවල් ටිකක් පාවිච්චි කරලා ගෙදරදීම බියර් එකක් හදා ගන්න විදිය තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඉස්සෙල්ලාම මම කියන්නම් ඒකට අපිට  ඕන වෙන දේවල් ටික.

ගෙදර තියෙන දේවල් ටිකක් පාවිච්චි කරලා ගෙදරදීම බියර් එකක් හදා ගන්න විදිය තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඉස්සෙල්ලාම මම කියන්නම් ඒකට අපිට  ඕන වෙන දේවල් ටික.



පියනක් තියෙන ලොකු බාල්දියක් (ලීටරයකට වැඩි)සාස්පාන් 2ක්
පෙනේරයක්බාර්ලි ග්‍රෑම් 100
ක්සුදු සීනි ග්‍රෑම් 25ක්
යීස්ට් තේ හැඳි භාගයක්
ග්‍රීන් ටී තේ හැඳි භාගයක්වතුර

දැන් අපි වැඩේ පටන් ගමු. (සැ. යු. - පිරිසිදු භාජන පාවිච්චි කරන්න)

ඉස්සෙල්ලාම බාල්දිය සබන් ගාලා හොඳට හෝදලා බාර්ලි ග්‍රෑම් 100ත් ඒකටම දාලා හෝද ගන්න.
ඊට පස්සෙ වතුර ටික පෙරලා බාර්ලි ඇට ටික බාල්දියටම දාලා බාල්දිය පිරෙන්න වතුර දාන්න.
හැබැයි ඉතින් බාර්ලි ඇට වල අංකුර මතුවෙනකම් දවස් දෙක තුනක් ඔයාලට බලාගෙන ඉන්න වෙනවා.
අංකුර මතු වුණාට පස්සේ බාර්ලි ඇට ටික පෙරලා හෝදලා අරන් අවන් එකෙන් හරි කබලේ හරි දාලා හොඳට වේල ගන්න. අවන් එකේ නම් සෙල්සියස් 80කට වගේ තියාගෙන වැඩේ කරන්න පුළුවන්.
වේල ගත්ත බාර්ලි ඇට ටික පිරිසිදු වතුර ලීටරයක් දාපු සාස්පානකට දාලා නටනකම් රත්කර ගන්න.
වතුර ටික නටාගෙන එනකොට සීනි ග්‍රෑම් 25ත් ඒකටම දාලා සීනි ටික හොඳට දිය වෙනකම් හැඳි ගගා විනඩි තුන හතරක් විතර නටව ගන්න ඕන.
නටව ගත්ත වතුර ටික අනිත් සාස්පානට පෙරා ගෙන යීස්ට් තේ හැඳි භාගයයි ගී‍්‍රන් ටී තේ හැඳි භාගයයි ඒකට එකතු කර ගන්න.
දැන්, හදා ගත්ත මිශ‍්‍රණය ලිපෙන් තියලා යීස්ට් ටික දියවෙලා තේ කහට පාට, මිශ‍්‍රණයට හොඳට එනකම් හැඳි ගගා විනාඩි විස්සක් තිහක් විතර ද්‍රාවණය උතුරන්න අරින්න.
ඊට පස්සේ අර මුලින් ගත්ත බාල්දියට මිශ‍්‍රණය පෙරාගෙන පැය තුන හතරක් නිවෙන්න තියන්න.
හොඳට නිවුනට පස්සෙ බාල්දිය වහලා ශීතකරණය (refrigerator) ඇතුලේ දවස් තුන හතරක් තියන්න වෙනවා.
දවස් තුන හතරකට පස්සේ බාල්දිය ඇතුලේ තියෙන ද්‍රාවණය එළියට අරගෙන පැය දෙක තුනක් සීතල යන්න තියලා අයෙත් වතාවක් හොඳට නටවගෙන වීදුරුවකට පෙරා ගන්න.

දැන් නම් බියර් එක හරි. ඒත් තාම රස්නෙයිනේ.
ඉතින් බියර් වීදුරුව හොඳට නිවෙන්න තියලා නිවුනට පස්සෙ ශීතකරණයෙත් තියලා පොඩ්ඩක් සිසිල් කරල ගත්තාම ඔයාලගෙ අතින් හදාගත්ත බියර් එක ඔයාලටම රස බලන්න පුළුවන්



                  මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, November 11, 2015

127. බත් සමග කරි සලාදය සාදාගන්නා ආකාරය 

බත් සමග කරි සලාදය සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°

ඇට ඉවත් කරගත් වියළි මිදි 50g
දිග ඇට සහල් (බාස්මතී) 250 g
තුනපහ කුඩු මේස හැදි 1 ½
කඡු 100 g
තම්බාගත් ග්‍රීන්පීස් 75 g
ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පය
ක්මයෝනීස් සෝස් ස්වල්පයක්
ලුණු රස පදමට


සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°

            පළමුව වියළි මිදි හොදින් සෝදා මද රස්නය ඇති වතුරේ පෙගෙන්නට තබන්න. දැන් බදුනක් ලිප තබා වතුර එක්කර එය උතුරවන්නට හැර ලුණු ස්වල්පයක් දමා සෝදා පිරිසිදු කරගත් සහලි හා තුනපහ එයට එක් කරන්න. (කූඩ්ල්ස් තම්බන අයුරින් මෙය තම්බා ගන්න) පසුව මෙහි වතුර පෙරා සිසිල් ඡලයෙන් සෝදා නිවෙන්නට හරින්න.

            කඡු ගැඹුරැ තෙලේ බැද කැබලි වලට කපා ගන්න. දැන් පිරිසිදු බදුනක් ගෙන එයට තම්බාගත් බත්, ග්‍රීන්පීස්, දෙහි යුෂ, කඡු, මයෝනීස් අවශ්‍ය පමණට එක්කර හොදින් කලවම් කරන්න. දැන් මෙය ශීතකරණයේ ටික වේලාවක් තබන්න. පසුව සලාද දීසියකට දමා අලංකාර කර පිළිගන්වන්න.

Amila & Hashi
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, November 10, 2015

126. ඔරේන්ඡ් කස්ටඩ් සාදාගන්නා ආකාරය 

ඔරේන්ඡ් කස්ටඩ් සාදාගන්නා ආකාරය 




අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°

දොඩම් යුෂ කෝප්ප 2
දොඩම් මාමලේඩ් මේස හැදි 3
දොඩම් බික් -
 සැරසිමටබිත්තර කහ මද 3
සීනි කෝප්ප ½
කෝන්ෆ්ලවර් මේස හැදි 1
ඡෙලටින් තේ හැදි 2
රස්නේ වතුර කෝප්ප ¼
විප්ඩ් ක්‍රීම් කෝප්ප 2


සාදන අන්දම
°°°°°°°°°°°°°°°°

            ගැඹුරැ භාඡනයක දොඩම් යුෂ දමා ගෙන රත් කර ගන්න. වෙන බෝල් එකක් ගෙන එයට බිත්තර කහමද දමා ගෙන එයට සීනිත් දමා ගෙන විස්ක් එකක් ආධාරයෙන් හොදින් සීනි දිය වෙනතුරැ බීට් කර ගන්න. එයටම කෝන්ෆ්ලවර් එකතු කර ගෙන බීට් කර ගන්න. රස්නේ වතුර කෝප්ප ¼කට ඡෙලටින් දමා ගෙන දිය කර ගන්න. පසුව රත් කර ගත් දොඩම් යුෂ බිත්තර කහමද මිශ්‍රණයට දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව වෙන පෑන් එකකට මාරැ කර ගෙන එය මද රස්නේන ලිප තබා ගෙන හැදි ගාන්න. එය ඝන ද්‍රාවනයක් වනතුරැ සාදා ගන්න. පසුව එය ලිපෙන් අයින් කර ගෙන වෙන  බෝල් එකකට දමා ගෙන එයට දොඩම් මාමලේඩ් එකතු කර ගන්න. හොදින් මිශ්‍ර කර ගන්න. පසුව එය නිවෙන්නට තබන්න.

            මෙය ශීතකරණයක තබා පසුව ඉවතට ගෙන එයට විප්ඩ් ක්‍රීම් එකතු කර ගන්න. එයත් හොදින් මිශ්‍ර කර ගන්න. පසුව මෙය කැමති කප් වලට පුරවා දොඩම් බික් වලින් සරසා ගන්න.

Amila & Hashi

             
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, November 9, 2015

125. බෝග වගාව සඳහා රසායනික පළිබෝධනාශක වෙනුවට, ශාක සාර විකල්ප පළිබෝධ නාශක භාවිතා කර මිහිතලය සුරකිමුශාක සාර නොවන විකල්ප පළිබෝධ නාශක

බෝග වගාව සඳහා රසායනික පළිබෝධනාශක වෙනුවට,
ශාක සාර විකල්ප පළිබෝධ නාශක භාවිතා කර මිහිතලය සුරකිමු 



1. ශාක යුෂ භාවිතය
පළිබෝධනාශක ගුණය සහිත විවිධ ශාක කොටස් පල් කර හෝ තම්බා, තලා හෝ වෙනත් ක්‍රමයකින් ගන්නා යුෂ, ශාක සාර පළිබෝධනාශක වේ. කොහොඹ, වල් හිඟුරු, මුරුංගා, කලවැල්, මඟුල් කරඳ, කැප්පිටියා, වල් සූරියකාන්ත, අරූද හා අරලිය වැනි ශාක කොටස් මේ සඳහා බහුලව යොදා ගැනේ.

සකස් කර ගන්නා ක්‍රම.
කොහොඹ සහ කරඳ ශාකවල ලපටි කොළ හෝ දළු දින 14 ක් ගොම දියරය සමඟ පල් කර යෙදීමෙන් බෝග වලට සිදුවන පණු හානි වලක්වා ගත හැක.
මුරුංගා කොළ හා පොතු පල් කර ඉසීමෙන් බෝග වලට ඇතිවන දිලීර රෝග වලක්වා ගත හැක.
කලවැල් පමණක් පල් කර එහි යුෂ බෝගවලට යෙදීමෙන් කෘමීන් පළවා හැරේ.

2. දුම්කොළ භාවිතය
දුම්කොළ නැටි, කඳ හෝ දුම්කොළ පල් කිරීමෙන් ලබා ගන්නා යුෂ කෘමිසතුන් පළවා හැරීමට සහ ගොළුබෙල්ලන් මර්දනයට යොදා ගැනේ.
දුම්කොළ, කුඩු තේ හැදි 04 ක් පමණ නටන උණු වතුර ලීටර් 01 කට එකතුකර, හොදින් කලවම්කර, එම ද්‍රාවණය, දෙගුණයකින් සැර බාලකර වගාවන්ට යෙදීමෙන් සියලු කෘමීන් මර්දනය වේ.

3. මිරිස් ද්‍රාවණය
වෛරස් රෝග, කුඩිත්තන්, කුහුඹුවන් සහ දළඹුවන්, වැනි සතුන් මර්ධනය සඳහා වියලි මිරිස් ග්රෑදම් 100 ක් හොදින් අඹරා ජලය ලීටර් 01 ක මිශ්රි කර හොඳින් පෙරා, එම ද්‍රාවණයේ සැර හතර ගුණයකින් බාලකර, බෝගවලට යෙදීම සුදුසුය. මෙම ද්‍රාවණයේ ක්‍රියාකාරීත්වය වැඩිකර ගැනීම සදහා රතුලූණු හෝ සුදු ලූණු බික් කිහිපයක් අඹරා මිශ්රෙ කරගත හැකිය.

4. කොච්චි ද්‍රාවණය
දිලීර රෝග පාලනය සඳහා කොච්චි ද්‍රාවණය භාවිතා කෙරේ. ඉදුණු කොච්චි ග්රෑ ම් 25 ක් හොඳින් අඹරා, එය වතුර ලීටර් 10 ක් සමඟ මිශ්‍ර කර පැය 24 ක් පල්වීමට හැර, දිලීර රෝග සහිත බෝගවලට ඉසිය යුතුය. දිනපතා කොච්චි ද්‍රාවණය යෙදීමෙන් වෛරස් රෝගවලට පවා එරෙහිව ක්‍රියාත්මක වේ.
5. සුදු ලුණු භාවිතය
සුදු ලුණු ග්රෑ‍ම් 100 ක් සහ සබන් ග්රෑම් 10 ක් සිහින්ව අඹරා, භුමිතෙල් මේස හැදි 2 ක් සහ වතුර ලීටර් ½ ක් එයට මිශ්ර කර පැය 24 ක් තබා, මිශ්‍රණය කොටස් එකකට ජලය 20 ක් වනසේ ජලය යොදා, කෘමි සතුන් සිටින බෝගවලට යෙදිය යුතුය.
සුදු ලුණු ග්රැම් 50 සිහින්ව අඹරා වතුර ලීටර් 01කට දියකර කෘමි සතුන් සිටින බෝගවලට ඉසීමෙන් කෘමි සතුන් මර්ධනය වේ.

6. කොහොඹ භාවිතය
කොහොඹ ලොව ඇති සාර්ථකම පලිබෝධ නාශකය වේ. මෙම ශාකය සියලු ආකාරයේ පළිබෝධ මර්ධනය සදහා යොදා ගැනේ. කොහොඹ කොළ, මල් හා පොතු මෙන්ම කොහොඹ ඇට බහුලව පලිබෝධ නාශක සැකසීම සදහා යොදා ගැනෙන අතර කොහොඹ ඇට වල පලිබෝධ නාශක ගුණය වැඩිය. පණු හා දළඹු වර්ගවලටත්, කුරුමිණි කීටයන්, පලගැටියන්, පත්‍ර විදින්නන්, පත්‍ර හා පැළ කීඩෑවන්, පරිනත වැඩිහිටි කුරුමිණියන් මර්ධනය සදහාත්, කොහොඹ සුවිශේෂී පලිබෝධ නාශකයකි. ගොවි බිමට මෙන්ම බිජ කල්තබා ගැනීම ආදී, ගොවි බිමෙන් බැහැරව සිදුවන පලිබෝධ හානිවලටත් කොහොඹ කොළ හා ඇට යොදා ගැනේ.

කොහොඹ නිස්සාරකය සාදා ගැනීම
හොදින් වේලන ලද කොහොඹ ඇට ග්රැම් 50ක් ගෙන එය පිටි වනතුරු සියුම්වට කොටා, වතුර ලීටර් 01 ක මිශ්‍ර කර, පැය 12ක් පමණ අදුරේ වසා තබා, හොදින් පෙරා කොහොඹ රොඩු ඉවත්කර සාදා ගන්නා ද්රාශවණයට සබන් හෝ ටීපෝල් ස්වල්පයක් මිශ්‍රකර, ඉසින යන්ත්රපයකින් හෝ වෙනත් ක්ර මයකින් පත්රරවල යටිපැත්තේ තැවරෙන සේ ඉසිය යුතුය. කොහොඹ නිස්සාරකය සවස් වරුවේ යෙදීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබේ. තද අව්ව ඇති වෙලාවට හෝ උදේ වරුවේ යෙදීම නුසුදුසුය.

විශේෂ අවධානයට
කොහොඹවල ඇති කෘමිනාශක ගුණය හිරු රශ්මියට විනාශ වේ. එමෙන්ම සවස් වරුවක වගාවන්ට යෙදිය යුතුය. කොහොඹ දියරය පෙරා, ඉතිරිවූ කොහොඹ රොඩු පාත්තිවලට දැමිමෙන් පොළොවෙන් මතුවෙන වේයන් ආදී කෘමින් මර්දනය වේ. බෝගවල මල් පිපෙන අවදියේ බෝගවල මුල බිත්තර දමන අවුලකපෝරා වැනි සතුන් පවා කොහොඹ රොඩු පස හා මිශ්රල කිරීමෙන් මර්දනය වේ. විශේෂයෙන් පතෝල, වැටකොළු, කරවිල වැනි ගොඩ බෝග සදහාත් වී වගාවේ පුරුක් පණු හානිය සදහාත් කොහොඹ නිර්දේශිතය. එබැවින් පාරිසරික ගොවිතැනේදී කොහොඹ මිශ්‍රනය භාවිතා කිරීම අනිවාර්ය වේ.

ශාක සාර නොවන විකල්ප පළිබෝධ නාශක



1.බෝඩෝ මිශ්‍රණය

පල්මානික්කම් (කොපර්සල්ෆේට්) ග්රෑම් 28 ක් හා අළු හුණු ග්රෑ ම් 28ක් ගෙන, ඊට වතුර ලීටර් 2 බැගින් යොදා වෙන වෙනම දියකර (මේ සඳහා ලෝහ භාජන භාවිතා කිරීම නුසුදුසුය.) මද වෙලාවකට පසුව අළුහුණු දියරයත්, පල්මානික්කම් දියරයත් හොදින් මිශ්‍රකර, ඊට තවත් වතුර ලීටර් 3ක් පමණ යොදා, හොදින් පෙරා එම ද්‍රාවණය හැකි ඉක්මණින් බෝගවලට ඉසීම කළ යුතුය. මෙය දිලිර රෝග මර්දනය සදහා භාවිතා කෙරේ.

2.දුම් ඇල්ලීම
තද උණුසුමක් පැළෑටි වලට නොවදින සේ බදුනකට අමු ශාක කොටස් ගෙන, ගින්දර ස්වල්පයක් එකතුකර දුම් ඇල්ලීම සිදුකෙරේ. (මදුරුතලා, කොහොඹ මෙ සඳහා විශේෂයි). දිනකට වතාවක් දුම් ඇල්ලීමෙන් විශාල සංඛ්යාවක් කෘමින් මර්දනය කරගත හැකිය. ගොම, දුම්කොළ, කැප්පෙටියා, ගෙන්දගම් යනාදියද, සාම්භ්‍රරානි වැනි ද්‍රවයද දුම් ඇල්ලීම සදහා යොදා ගැනේ.

3. අළු භාවිතය
කෘමි සතුන් පාලනයට මෙන්ම දිලිර රෝග සදහාද සුදුසුය. භාවිතයට ගනුලබන්නේ දැව අළු වර්ග පමණි (පොල් ගසට සම්බන්ධ කිසිම කොටසක අළු, බෝග වගාවන්හි කෘමීන් පාලනය සඳහා සුදුසු නොවේ).’වීර’ ශාකයේ දැව අළු භාවිතා කල හැකිනම් වඩාත් සුදුසුය. අළු ස්වල්ප ප්ර මාණයක් කෙළින්ම පත්ර’ වලට වැටෙන සේ ඉසීම කළ යුතුය. එසේම විවිධ ද්‍රාවණයන් සමග මිශ්‍ර කර යොදා ගැනීමට ද පුළුවන. කොළ ගෝවා වැනි බෝගවල, දළඹුවන් හා කුඩා පණුවන් මර්දනයට වියළි අළු, පත්‍ර මතුපිටට ඉසිය යුතුය.

4. සබන් දියර භාවිතය
සබන් දියර මයිටාවන්ගේ හානිය (මිරිස් ආදියෙහි කොළ හැකිලීම) මර්දනය කිරීම සදහා වඩාත් සුදුසුය. සාන්ද්ර සබන් වතුර කෝප්ප ¼ ක්, භූමිතෙල් මේස හැදි ¼ ක් සහ වතුර ලීටර් 1කට මිශ්‍ර. කර යෙදීමට පුළුවන.
සබන් දියරය කෘමීන් පලවා හැරීම සදහා වැඩියෙන් යොදා ගැනේ. දළඹුවන් මර්දනය කිරීම සදහා, ලුණු, මිරිස් සහ සුදු ළූණු සමව ගෙන සබන් දියරය යොදා පල්කර බෝගවලට ඉසිය යුතුය. නිතර නිතර බෝගවලට සබන් දියර යෙදීම නුසුදුසුය.

5. කහ කුඩු සමග ගව මුත්‍ර භාවිතය
කහ කුඩු, ගව මුත්රග සමග 1:2 අනුපාතයට මිශ්‍ර කර දළඹුවන් මර්දනය කිරීම සදහා යොදා ගැනේ. ගව මුත්ර ගෙන දින 14 ක් පමණ හිරු එළියට විවෘතව තබා පල් වීමට හැර, සැර බාලකර, බෝගවලට යෙදිය යුතුය. මෙම ද්රාමවණය සතියකට 6 වතාවක් පමණ යෙදීමෙන් සාර්ථක ප්‍රතිපල ලැබේ. මේ හැරුණුකොට ගව මුත්‍ර පමණක් බෝතලයකට දමා එහි කට උඩට සිටින සේ පොළොව යට සතියක් පමණ වළලා තබා, සැර බාල කර වගාවට යෙදිය හැකිය. මෙම ද්‍රාවණය මාස හයක් පමණ කල් තබා ගැනීමට පුළුවන. පැළ මැක්කන්ට, දළඹුවන්ට, මයිටාවන්ට මෙන්ම දිලීර හා වෛරස්, රෝග සඳහාද මෙය භාවිතා කළ හැකිය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, November 2, 2015

124. ස්ට්‍රෝබෙරි ෆලම්බී සාදාගන්නා ආකාරය 

ස්ට්‍රෝබෙරි ෆලම්බී සාදාගන්නා ආකාරය 




අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°
ස්ට්‍රෝබෙරි, පොතු කෝප්ප 1 ( සුදුපාට මැද කොටසට අයින් කර ගෙන)
විස්කි වීදුරැ 5
දොඩම් යුෂ කෝප්ප 2
සීනි කෝප්ප 1/4
වැනිලා අයිස්ක්‍රීම් පිළිගැන්වීමට

සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°°°
                      පෑන් එකකට සීනි ටික දමා ගෙන රත් වෙන්න හැර පසුව එයට වතුර ස්වල්පයක් දමා මිශ්‍ර කර ගන්න. දැන්  ස්ට්‍රෝබෙරි ටික දෙකට පලා ගන්න. . සීනි ටික කැරමල් වන තත්ත්වයට එන තෙක් පිස ගන්න. සීනි ට්ක කරමල් වූ පසු එයට දොඩම් යුෂ එකතු කර ගෙන පිස ගන්න. හොදින් මිශ්‍ර කර ගනිමින් යන්තම් රස්නය තිබියදී පිස ගන්න. දැන් එය ලිපෙන් බා ගන්න. වීදුරැ වලට අයිස්ක්‍රීම් ස්කූප් දමා ගන්න. පසුව එය ශීතකරණයේ තබා ගන්න. දැන් නැවතත් එළියට ගෙන එයට දොඩම් කරමල් වීදුරැ එකිනෙකට දමා ගන්න. පසුව ස්ට්‍රෝබෙරිත් ඒ අකාරයට දමා ගන්න උඩින්. පසුව මෙය පිළිගන්වන්න.

Amila & Hashi
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...