Saturday, November 21, 2015

129. කොත්තමල්ලි කොල චට්නි සාදාගන්නා ආකාරය 

කොත්තමල්ලි කොල චට්නි සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍යඃ

පුන්චියට කපපු කොත්තමල්ලි කොල කෝප්පයක් පුරවල ගන්න
ලොකු ළුෑනු ගෙඩියක් පොඩියට කපල ගන්න
සුදුළුෑනු බික් දෙක තුනක් පොතු ඇරල තලල ගන්න
දෙහි ඉස්ම කෝප්ප බාගයක්
චාට් මසාලා තේ හැන්දක්
අමුමිරිස් කරල් දෙකක් විතර
ලුනු අවශ්‍ය පමන

සාදන අයුරැ :

කොත්තමල්ලි කොල ,ළුෑනු ,සුදුළුෑනු ,අමුමිරිස් ,චාට් මසාල යන සියල්ල ග්‍රයින්ඩර් එකකට හෝ ෆුඩ් ප්‍රොසෙසරයකට දමා හීනියට කුඩු කර ගන්න .
පසුව මේ මිශ්‍රණයට දෙහි ඉස්ම එකතුකර අවශ්‍ය පමන ලුනු කලවම්කරන්න .

සැරට කැමති අය, වේලපු මිරිස් කරල් දෙක තුනක් හෝදලා අරන් යාන්තමට කොන් කඩල විනාඩියක් විතර මේ චට්නියෙ පොගවල තියල ගත්තහම රසයි .

මේ චට්නිය පකෝරා,පුඩ්ලා ,ඩෝක්ලා ,ඩම්ප්ලින්ග්ස් වගේ ඕනම ආහාරයක් එක්ක පිලිගන්වන්න පුළුවන් .

Ami & Hashi
     



                             මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...