Wednesday, November 11, 2015

127. බත් සමග කරි සලාදය සාදාගන්නා ආකාරය 

බත් සමග කරි සලාදය සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°

ඇට ඉවත් කරගත් වියළි මිදි 50g
දිග ඇට සහල් (බාස්මතී) 250 g
තුනපහ කුඩු මේස හැදි 1 ½
කඡු 100 g
තම්බාගත් ග්‍රීන්පීස් 75 g
ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පය
ක්මයෝනීස් සෝස් ස්වල්පයක්
ලුණු රස පදමට


සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°

            පළමුව වියළි මිදි හොදින් සෝදා මද රස්නය ඇති වතුරේ පෙගෙන්නට තබන්න. දැන් බදුනක් ලිප තබා වතුර එක්කර එය උතුරවන්නට හැර ලුණු ස්වල්පයක් දමා සෝදා පිරිසිදු කරගත් සහලි හා තුනපහ එයට එක් කරන්න. (කූඩ්ල්ස් තම්බන අයුරින් මෙය තම්බා ගන්න) පසුව මෙහි වතුර පෙරා සිසිල් ඡලයෙන් සෝදා නිවෙන්නට හරින්න.

            කඡු ගැඹුරැ තෙලේ බැද කැබලි වලට කපා ගන්න. දැන් පිරිසිදු බදුනක් ගෙන එයට තම්බාගත් බත්, ග්‍රීන්පීස්, දෙහි යුෂ, කඡු, මයෝනීස් අවශ්‍ය පමණට එක්කර හොදින් කලවම් කරන්න. දැන් මෙය ශීතකරණයේ ටික වේලාවක් තබන්න. පසුව සලාද දීසියකට දමා අලංකාර කර පිළිගන්වන්න.

Amila & Hashi
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...