Monday, October 5, 2015

90. චොකලට් ෆොන්ඩන්ට් සාදාගන්නා ආකාරය 

චොකලට් ෆොන්ඩන්ට් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°
චොකලට් 125gm
සීනි 100gm
බටර් 125 gm
බිත්තර 3
පිටි 30 gm
ශීතල ක්‍රීම්

සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°
                පළමුව චොකලට් හා බටර් මිශ්‍ර කර ගෙන ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න. එය නිවෙන්නට පසෙකින් තබන්න. පසුව වෙනම භාඡනයක් ගෙන එයට බිත්තර හා සීනි දමා ගෙන හොදින් දිය වෙන තුරැ බීට් කර ගන්න. පසුව එයට පිටි ටික ටික දමමින් යන්තම් හැන්දකින් මිශ්‍ර කර ගන්න. 
               පසුව  මෙම මිශ්‍රණයට චොකලට් මිශ්‍රණය දමා ගෙන මිශ්‍ර කර ගන්න. රැමෙකින් බදුනක් ගෙන එහි බටර් තවරා පිටි ටිකක් යන්තමට ගා ගන්න. පසුව එයට මිශ්‍රණයට දමා ගෙන 200c ක උෂ්ණත්වයක විනාඩි 10 - 12 ක් පමණ බේක් කර ගන්න. මෙය උඩින් ශීත කර ගත් ක්‍රීම් දමා ගෙන පිළි ගන්වන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...