Thursday, September 10, 2015

7. බටු මොජුවක් සාදාගන්නා ආකාරය


බටු මොජුවක් පහසුවෙන් සාදාගන්නා ආකාරය



බටු බැදුම|BATU BADUMA (1 ක්‍රමය)

අවශ්‍ය ද්‍රව්‍ය:-
බටු ග්‍රෑම් 500 යි
ඟුරු කැබැල්ලක්
සුදු ළූණු
තක්කාලි ගෙඩි 1 යි
මිරිස් කුඩු ස්වල්පයක්
සෝයා සෝස් මේස හැඳි 1 1/2 යි
ලුණූ (අවශ්‍ය පරිදි)
සුප් කැට 1 යි
කරපින්චා ඉත්තක්
තෙල්





සාදන ක්‍රමය:-

බටු හොඳින් සෝදා කැබලි වලට කපාගෙන ලුණු සහ කහ අතගාගන්න.
තාච්චියකට තෙල් දමා බටු බැදගන්න. වෙනත් බඳුනක් ලිප තබා තෙම්පරාදුවට අවශ්‍ය දෑ දමා බැදගන්න. එයට බැදගත් බටු ද කපාගත් තක්කාලි ද සෝස් ඇතුළු සියළු දෑ ද එක් කරන්න. සුප් කැටය දියකර එයටම දමන්න. කළවම් කර ළිපෙන් ඉවත් කරගන්න.

Ami & Hashi
වෙන අයට බලන්න share කරලා

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...