Friday, October 2, 2015

80. තරබාරු විම, අඩු කරන ගොරකා

තරබාරු විම, අඩු කරන ගොරකා

මෙම ගොරකා ශාකය පර්භේද තුනකි. එනම්, මල ගොරකා (kokum – butter oiltree) රතු ගොරකා හා එළ ගොරකා නම් වේ. මෙහිදී රතු ගොරකා හා එළ ගොරකා ආහාර ව්‍යාංජන රසවත් කිරීමට ගනු ලබයි.

රතු ගොරකා ඉදුණු විට රතුපාටින් යුක්ත වන අතර ඇතුළ මදය රතුපාට වේ. එළ ගොරකා ඉදුණු විට කහපාට වන අතර ඇතුළමදයට කහ මිශරිත සුදුපාට වේ. ඇඹුල් රසින් යුතු ගොරකා වල විටමින් ”සී” බහුලව අඩංගු වී ඇත. එයට අමතරව ටාටරික් අම්ලය, ජලය, පොටෑසියම් ආදී විවිධ විටමින් වර්ගත් අඩංගුය. උෂ්ණ ගුණයෙන් හා සැහැල්ලු බවින් යුතුය.

ආයුර්වේදයට අනුව ගොරකා කුසගින්න වඩවන, හෘදයට හිතවත් ආහාර රුචිය ඇති කරවන, මලපහ හොඳින් පිට කිරීම පහසු කරවන ශාකමය ඔසුවකි.

ශරිරයේ බර අඩු කරනවා.

ශරිරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්රෑ‍ම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ.

ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ශා වෙනවා. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා.එ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. ශරිරයේ ප්‍රතිශක්තිකරණ ක්රිනයාවලිය ශක්තිමත් කිරීමේ බලය ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත එනිසාම පිළිකා හැදීමේ ප්රපවණතාවය අඩු වෙනවා.

ආසාත්මිකතා

මාළු ඇඹුල් තියල් හදන විට ගොරකා අඔරා එයට මිශ්‍ර කරනවා. ගොරකාවලින් බලයා, කෙළවල්ලා වැනි සැර මාළුවල ඇති හිස්ටමින් නම් රසායනිකය 80%ක් පමණ උදාසින කරනවා එම නිසා එම මළු ආහාරයට ගැනිමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා වළක්වනවා. ගොරකා වැඩිපුර ආහාරයට ගැනිමෙන් රුධිරයේ ඇති ග්ලුකොස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙනවා. ලේවල සීනි ප්‍රමාණය අඩු වෙනවා. මේනිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගින් සදහා ප්‍රතිකාර ගන්නා රෝගින් වැඩිපුර ගොරකා මිශ්‍ර ආහාර ගැනිමෙන් වළකින්න.


Amila Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...