Tuesday, September 22, 2015

34. අළුත් විදිහට කංකුන් ව්‍යංජනයක් සාදාගන්නා ආකාරය

අළුත් විදිහට කංකුන් ව්‍යංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය :
කන්කුන් මිටි 1ක්
වියළි මිරිස් කරල් 3ක්
මාළු සෝස් මේස හැදී 2ක්
සුදුළුනු බික් 4-5 ක්
බි ලුනු ගෙඩි 1ක්
ඔයිස්ටර් සෝස් මේස හැදී 4ක්
ගම්මිරිස් කුඩු හා ලුණු රස අනුව පදමට දමාගන්න.



සාදා ගන්නා ආකාරය:

කන්කුන් මිටිය සුද්ද කර ළපටි කන්කුන් ටික පමණක් වෙන් කර ගන්න.පසුව බඳුනකට වතුර ස්වල්පයක් ගෙන ළිප තබා වතුර හොඳින් රත් වූ පසු කන්කුන් ප්‍රමාණය එයට දමා ගන්න.එම කන්කුන් ටික යන්තමට තම්බා ගන්න.අනතුරුව කන්කුන් වතුර බේරීමට තබා වෙනත් බඳුනක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා මඳගින්නේ රත් වෙන්න තබන්න.තෙල් ස්වල්පය රත් වි ගෙන එනවිට චොප් කරගත් බිලුනු ,සුදුළුනු සහ කපා ගත් වියළි මිරිස් එයට එකතු කර බැද ගන්න.දැන් එයට තම්බා ගත් කන්කුන් සහ පළමුව ඔයිස්ටර් සෝස් ද දෙවනුව මාළු සෝස් ද එක් කර රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...