Sunday, October 4, 2015

87. ෆිලෝ පිටි මිශ්‍රනය සාදාගන්නා ආකාරය 

ෆිලෝ පිටි මිශ්‍රනය සාදාගන්නා ආකාරය


අවශ්‍ය ද්‍රව්‍යඃ
°°°°°°°°°°°°°°°°°
200g පාන්පිටි කෝප්ප එකයි කාලක්
1/8 tsp ලුනු තේ හැදි කාලක්
105ml වතුර මේස හැදි හතක්
30ml එලවඵ තෙල් මේස හැදි දෙකක්
විනාකිරි තේ හැදි බාගයක්

සාදන අයුරැඃ
°°°°°°°°°°°°°°°°°
ඉලෙක්ට්‍රීක් මික්සරයකට හෝ ෆුඩ් ප්‍රොසෙසර් එකකට පිටි සහ ලුනු දමා මිශ්‍රකරගන්න.
මීලගට වතුර,විනාකිරි,එලවඵ තෙල් එකට කලවම් කරගන්න.
මේ මිශ්‍රනය පිටි මිශ්‍රනයට දමා අඩු වේගයෙන් මිශ්‍රකරන්න.
ඉතාම සිනිදු පිටි මිශ්‍රනක් සෑදුනු පසු අවශ්‍ය නම් තව වතුර ටිකක් කලවම් කර යාන්තමට තෙල් ගතියට පිටි මිශ්‍රනය සාදාගන්න.
දැන් මේ පිටිමිශ්‍රනය චොපින් බෝඩ් එකක තුනීකර නැවතත් ගුලිකර ප්ලාස්ටික් ව්‍රැප් එකකින් ඔතා පැත්තකින් තියන්න.
විනාඩි තිහකට පමන පසු තුනීකර හීනියට හෝ ගනකමට ශීට්ස් සාදාගන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...