Thursday, October 1, 2015

75. කොස් ඇට හා මුරැංගා ව්‍යාංඡනය ස්

කොස් ඇට හා මුරැංගා ව්‍යාංඡනය


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°
කුඩාවට කපා ගත් කොස් ඇට කෝප්ප 22 
කැබලි වලට කපා ගත් පොතු හැර ගත් මුරැංගා 250g
පොල් කෝප්ප 1 1/2
සූදුරැ ඇට තේ හැදි 1
සුදු ළුණු බික් 2
පොල්තෙල් මේස හැදි 2
කරපිංචා ඉති  2
කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ඉති 4
කහ කුඩු තේ හැදි 1/2
අබ ඇට තේ හැදි 1/2
වියළි මිරිස් කරල් 3
මිරිස් කුඩු තේ හැදි 1
ලුනු රස පදමට

සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°°°°
    මුලින්ම ගා ගත් පොල් වලින් කොටසක්, සූදුරැ ඇට , සුදු ළුණු, කහ කුඩු හා මිරිස් කුඩු හොදින් අඹරා ගන්න. දැන් බදුනක් ලිප මත තබා එයට වතුර කෝප්ප 3ක් එක්කර එයට කොස් ඇට හා මුරැංගා එක්කර එයට කොස් ඇට හා මුරැංගා එක්කර හොදින් තම්බා ගන්න. එයට අඹරා ගත් පොල් මිශ්‍රණය, ලුනු හා පොල් කිරි කෝප්පයක් එක්කර තවත් විනාඩි 5ක් පමණ පිසගන්න. ඉන්පසු බදුන ලිපෙන් ඉවත් කර ගන්න. තෙල් රත්කර එයට අබ, කරපිංචා, අමුමිරිස් කරමක් බැදෙන්නට හැර කොස් ඇට හා මුරැංගා ව්‍යාංඡනයට එක්කර ගන්න. අවසානයේ කොත්තමල්ලී කොළ වලින් සරසා උණුවෙන්ම පළිගන්වන්න.

Amila &Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...