Monday, October 26, 2015

121. බිම්මල් බැදුම සාදාගන්නා ආකාරය​

බිම්මල් බැදුම සාදාගන්නා ආකාරය​



අවශ්‍ය ද්‍රව්‍ය​* බිම්මල් ග්‍රෑම් 200ක්
* ලොකු ළූණු ගෙඩි 2ක්
* තලාගත් සුදු ළූණු බික් 2ක්
* කරපිංචා අවශ්‍ය පමණට​
* මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 2ක්
* කහ කුඩු තේ හැඳි 1/4ක්
* කෑලි මිරිස් කුඩු තේ හැඳි 1ක්
* අවශ්‍ය පදමට ලුණු
* මාලු මිරිස් කරල් 3ක්
* තෙල් මේස හැඳි 2ක්

සාදාගන්නා ආකාරය​* බිම්මල් ජලය දමා සෝදා හීන් තීරු වලට ඉරාගන්න​.
* ඉන්පසු බිම්මල් ටික හොදින් තෙත මිරිකාගෙන කහ කුඩු, ලුණු, කෑලි මිරිස් එයට දමා මිශ්‍ර කරගන්න​.
* ළූණු , තක්කාලි , මාලු මිරිස් කරල්‍ රවුමට පෙති කපාගන්න.
* භාජනයක් ගෙන එයට තෙල් දමා රත් වූ පසු තලාගත් සුදු ළූණු , කරපිංචා සහ ලොකු ළූණු ටික එයට දමාගන්න​.
* මිශ්‍ර කරගත් බිම්මල් ලිපෙහි තබාගත් භාජනයට දමා එයටම රවුමට පෙති කපාගත් මාලු මිරිස් ද දමා හොදින් මිශ්‍ර කර ටික වේලාවක් එය තැම්බීම සඳහා පියනකින් වසාගන්න​.
* ලිපෙන් බාගත් පසු තක්කාලි ටික දමා හොදින් මිශ්‍ර කර මඳ වේලාවක් පියනෙන් වසා තබා ආහාරයට ගන්න​.

Amila & Hashi
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...