Monday, October 12, 2015

103. එලවලු සැන්වි සාදාගන්නා ආකාරය 

එලවලු සැන්වි සාදාගන්නා ආකාරය 


අවශ්‍ය  දැ
°°°°°
පාන් පෙති 4 ක්
තම්බාගත් අර්තාපල් 4 ක්
සිහින් ව කපාගත් ළුණු ගෙඩි 1 ක්
සිහින් ව කපාගත් තක්කාලි ගෙඩි 1 ක්
සිහින් ව කපාගත් මාළු මිරිස් ගෙඩි 1 ක්
රතු මිරිස් කුඩු තේ හැන්දි 1/2 ක්
කහ කුඩු තේ හැන්දි 1/2 ක්
රස අනුව ලුණුසිහින් ව කපාගත් අමු මිරිස් තේ හැන්දි  2 ක්
සිහින් ව ගාගත් ඉගුරු තේ හැන්දි  2 ක්
සිහින් ව කපාගත් කොත්තමල්ලී කොළ තේ හැන්දි 2 ක්
නොගැඹුරු බැදීම සඳහා තෙල්

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°°

බදුනක් ලිප තබන්න.ගින්දර මදව දමන්න.රත් වු බදුනට තෙල් එකතු කරන්න.පසුව එයට අල,ළුණු,අමු මිරිස්,මාළු මිරිස,ඉගුරු,රතු මිරිස්,කහ කුඩු එකට දමා විනාඩි 6 ක් පමණ වෙලා පිස ගන්න.පසුව තක්කාලි සහ කොත්තමල්ලී කොළ එකතු කරන්න.එයටම රස අනුව ලුණු එකතු කරන්න.පසුව විනාඩි 3 ක් තබා බාගන්න.

                            පසුව පාන්පෙති ගෙන එයට සදාගත් මිශ්‍රණය ගා ගන්න.ඔබේ රසවත් සැන්විච් එක රසවිදින්න.

                                 
Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...