Saturday, October 10, 2015

101. ඉතාලි ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය

ඉතාලි ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°
සහල් (සම්බා බාස්මතී)1kg
මාළු මිරිස් කරල් 2 යි
බිත්තර 2 යි
සලාද තෙල් ටිකක්
සුදු ලුනු බික් 5
සොසේජස් හෝ ලිංගුස් 750g
තක්කාලි පේස්ට් කෝප්ප 2
ලුණු රසට අනුව
ස්ටොක් වතුර හෝ සුප් කැට

සාදන ආකාරය
°°°°°°°°°°°°°°°°°°°°

සහල් සෝදා දිය බේරෙන්නට හරින්න. සොසේජස් අගලේ පමණ කැබලිවලට කපා ගන්න. මාළු මිරිස්ද රවුම් කපා ගන්න.  සුදු ලුනු කුඩාවට කපා ගන්න. සලාද තෙල් ටික රත්වන්නට තබා කපා ගත් සුදු ලුනු, මාළුමිරිස් , සොසේජස් දමා බැදෙන්නට හරින්න. බැදී ගෙන එනවිට සහල්ද දමා බැද ගන්න. දැන් තක්කාලි පේස්ට්, ස්ටොක් වතුර සහ ලුණු ද දමා මිශ්‍රකර ඇට මෘදු වන තුරු බත පිස ගන්න. බැදගත් බිත්තර කැබලි වලින් සරසා ගන්න.


Amila Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...