Friday, September 11, 2015

9. දැල්ලන් කරියක් සාදාගන්නා ආකාරය


දැල්ලන් කරියක් සාදාගන්නා ආකාරය 


දැල්ලන් කරිය | DALLAN CURRY
(cuttle fish)

අවශ්‍ය ද්‍රව්‍ය:-

දැල්ලන් ග්‍රෑම් 250 යි
තුනපහ කුඩු
ගම්මිරිස් කුඩු
රතු ළූණු ග්‍රෑම් 50 යි
අමු මිරිස් කරල් 2 යි
රම්පෙ, කරපිංචා
සුදු ළූණු බික් 2 යි
අමු ඉඟුරු කැබැල්ලක්
තක්කාලි ගෙඩි 2 යි
ලුණු
කහ ස්වල්පයක්
පොල් බෑවක කිරි
දෙහි යුෂ


සාදන ක්‍රමය:-

දැල්ලන් හොඳින් සෝදා කපාගන්න. රතු ළූණු සහ අමු මිරිස් ලියාගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු ගලේ දමා අඹරාගන්න.
රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, තුනපහ හා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා තක්කාලි, දියකිරි හා ලුණූ දමා ළිප තබන්න. මද ගින්නේ තැම්බුණ පසු මිරිකිරි දමා ඉස්ම හිඳුන පසු ළිපෙන් ඉවත් කරන්න. ඉන්පසු දෙහි යුෂ ස්වල්පයක් දමාගන්න.
(මෙයට බැදපු තුනපහ කුඩු ටිකක් එකතු කර ගැනීමෙන් තවත් රසවත් වේ.)

Amila & Hashi


තවත් අයට බලන්න share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...