Saturday, September 26, 2015

55. ජෙලෝප් රයිස් සාදාගන්නා ආකාරය 

ජෙලෝප් රයිස් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°

මේ රයිස් එකට ඕනා තම්බපු හාල් කප් 3
හොඳ රතු පාටට තියෙන තක්කාලි ගෙඩි 3-4
ටොමැටෝ පේස්ට් මේසහැදි 1 1/2
කුනිස්සෝ ටිකක්
කපා ගත් ලුනු ටිකක් වැඩිපුර
රතු පාට ඕනාම මිරිස් වර්ගයකින් 2-3
(නයි මිරිස් කියන එකේ රතු පාට එක තමා මේ අය පාවිච්චි කරන්නේ )
මැගි හෝ නෝර් කියුබ් 2
රස අනුව ලුණු
බිප් හෝ ඕනාම මිට් වර්ගයක්
තෙල්

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°

මුලින් මස් සෝදා ප්‍රෙෂර් කුකර් එකට දමා හොදට සෝප්ට් වනතුරු උයා ගන්න.
පසු තක්කාලි/කපා ගත් ලුනු එකෙන් ටිකක්/මැගි කියුබ්/රතු පාට මිරිස්/කුනිස්සෝ බෙලෙන්ඩර් එකට දමා වතුර ටිකක් වෙන්න දාලා හොදින් බෙලෙන්ඩර් කරන්න.පසු එකට ටොමැටෝ පේස්ට් ටිකත් කලවම් කරන්න.
දැන් භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් වැඩිපුර දාන්න.පසු එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.
එකටම කපා ගත්ත ඉතුරු ලුනු ටික දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න.පසු මස් ටික (තම්බා ගත් ) එකට දමා විනාඩි 5-6 බැදෙන්නට හැර එකටම බෙලෙන්ඩර් කර ගන්න තක්කාලි මිශ්‍රනය දාන්න.
පසු එකට වතුර ටිකක් ද එක් කරන්න.පසු මේ මිශ්‍රනය හොදටම ග්‍රේවි එකට එනතෙක් උයා ගන්න.
ඔයාලාට පෙනෙවි හොදට තික් ගතිය ආවාම ලස්සන පාටට එනවා.
පසු බත් උයා ගන්න පුළුවන් භාජනයක් ලිප තියා එකට හොදින් සෝදා ගත් හාල් ටික දාන්න.එකටම ග්‍රින් පීස් ටිකකුත් දාන්න.
පසු හදා ගත් මිශ්‍රනය එකට දමා බත් උයා ගන්න ඕනා ප්‍රමාණයට වතුර දමා බත් එක උයා ගන්න.
බත් එකේ වතුර ගතිය අන්තිමට තිබුනොත් මද රස්නේ බත් එක වසා තියන්න.
* අනිත් එක මේ බත් උයන කොට මේ අය මේ රටේ ස්පයිස් වර්ග 2 දානවා.එකක් අපි පාවිච්චි කරන කරි පවුඩර් එක වගේ.
අනිත් එක අපේ සුදුරු එක වගේ.හැබැයි සුදුරු සුවද නම් නැහැ.
එ නිසා ඔයාලා මේ රයිස් එකට අපේ කරි පවුඩර් පොඩ්ඩක් දමා ගන්න.ගොඩක්ම එපා.එහෙම වුනොත් රස වෙනස් වෙයි

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...