Tuesday, January 2, 2024

218. තල අලුවා සාදාගන්නා ආකාරය

🍁 රසම රස තල දාපු අලුවා හදමුද.? 🍁

```````````````````` M&m kitchen🍽️...✍️ ´´´´´´´´´´´´´´´´´´´´


🧇🧇🧇🧇🧇🧇🧇🧇

♨️♨️ තල අලුවා රෙසිපිය -

🔥 අවශ්‍ය ද්‍රව්‍ය :

* සුදු හාල් පිටි 500g
* සෝදා වේලාගත් තල ඇට 250g
* සුදු සීනි 500g
* රස අනුව ලුණු කුඩු 
* කුඩු කරගත් එනසාල් ඇට 2 ක් ( කැමතිනම් )
* වතුර

🔥 සාදන ආකාරය :

🥣 මුලින්ම හාල් පිටි ටික ගොඩාක් රන්වන් පාට නැතිව බැදී පිටි සුවද එන තෙක් බැදගන්න.

🥣 ඊලගට අලුවා කැපීමට සුදුසු තැටියක් හෝ ලෑල්ලක් සූදානම් කර බැදපු හාල් පිටි ටිකක් ඒ මතට ඉස පසෙකින් තබාගන්න. තවත් පිටි ස්වල්පයක් අලුවා කැපූ පසු ඒවායෙහි තැවරීමට ඉවත් කර ගන්න.

🥣 ඊලගට තල ටික අඩුම ගින්දරේ සුවද එනතුරු බැදගන්න.

🥣 දැන් සීනි ටික තාච්චියකට දමා සීනි වැහෙන ප්‍රමාණයට ටිකක් වැඩියෙන් වතුර දමා මද ගින්දරේ සීනි ටික හොදින් උණු කරන්න. 

🥣 රස අනුව ලුණු එකතු කර ගන්න.

🥣 සීනි ටික බුබුළු දාලා නූල් ඇදෙන පදමට ආ පසු ලිප නිවා පැණි ටික මදක් නිවෙන්න තබන්න. 

🥣 පැණි වල නූල ඇදෙන පදම බලාගන්න පුලුවන් හැන්දෙන් පැණි වත්කරද්දී අන්තිම බිංදුව නූලක් තරමට ඇදිලා වැටෙනවනම්. නැත්නම් පැණි බිංදුවක් ඇගිල්ලකට අරන් අල්ලද්දී නූලක් වගේ ඇදෙනවනම් ඒත් හරි. ඕනිවට වඩා පැණි උණු කරන්නත් එපා. බාගෙට උණු කරන්නත් එපා. 

🥣පැණි එකෙන් මේස හැඳි කිහිපයක් වෙනත් බදුනකට ඉවත් කරන්න ඕනි වුණොත් පසුව ගන්න.

🥣 ඊලගට බැදපු තල ටික පැණි එකට දාලා හොදින් කලවම් කරන්න. 

🥣 දැන් බැදගත් පිටි ටික ටික දමමින් පත්තකින් අත ඉක්මන් කර හොදට කලවම් කරගන්න.

🥣 දැන් අලුවා මිශ්‍රණය එක ගුලියක් වගේ එද්දී සූදානම් කර තැබූ තැටියට දාගෙන ඉක්මණින් තුනී කරගන්න.

🥣 ඊලගට රස්නෙ පිටින්ම අලුවා කෑලි කපාගෙන හොදින් නිමුණු පසු අලුවා කෑලි වෙන්කර මුලින් ඉවත් කර ගෙන තිබූ බැදපු පිටි වල තවරා භාජනයක අසුරා ගන්න.

🥣 අලුවා මිශ්‍රණය තැටියට දාගෙන කෑලි කපාගන්න බැරිව යන වෙලාවල් ඔයාලටත් වෙලා ඇති. කුඩු වෙලා ගිය වෙලාවල්. එතකොට උණු වතුර ටිකක් දාලා නැවත ලිපේ තියලා හැදිගාලා හයි වේගන එද්දී තැටියට දාගෙන ඉක්මණින් කෑලි කපාගන්න.

🥣 ඔන්න අපේ රසම රස තල අලුවා ලෑස්තියි.

🥣 ඔයාලත් හදලා රස බලන්නකෝ.

🧇🧇🧇🧇🧇🧇🧇🧇

```````````````````` M&m kitchen🍽️...✍️ ´´´´´´´´´´´´´´´´´´´´

රෙසිපිය හා ජායාරූප M&m kitchen🍽️ සතුයි.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...