Sunday, May 30, 2021

197. අයිස් පොල් ටොපි සාදාගන්නා ආකාරය

අයිස් පොල් ටොෆී  සාදාගන්නා ආකාරය


 
අවශ්‍ය දාවය :
🍬දිසිදි පොල් 400g
🍬අයිසින් ෂුගර් 500g
🍬ටිංකිරි 390g
🍬කැමති වර්ණයක්

සාදන ක්‍රමය :
ටිංකිරි වලට පොල් , අයිසින් ෂුගර් දමා මිශ්‍ර කරමින් හොදින් අනා ගන්න . (රොටි වලට පිටි අනන ලෙස )
දැන් මේ ගුලිය කොටස් දෙකකට බෙදා වෙන් කර ගන්න .
මම එක කොටසකට පමණක් රතු වර්ණය දමා මිශ්‍ර කර ගත්තා ..ඔබට කැමති වර්ණ එකතු කර ගත හැකිය .
දැන් කේක් තැටියක් ගෙන එයට බටර් ටිකක් තවරලා ගත්තා. පලමුව සුදු වර්ණයෙන් ඇති ගුලිය ගෙන රෝලපින් එක බාවිතා කරමින් සම මට්ටමින් තුනී කර ගත්තා ..ඊට උඩින් රොස වර්ණයෙන් ඇති ගුලිය රෝලපින් එක ආධාරයෙන් තුනීයට දමා ගත්තා .. දැන් පැයක් ශීතකරනයෙ තබා ගත යුතුයි .. ඊට කලින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉරි ඇද ගන්න . කපා ගන්න ලෙහෙසි වෙන්න .

** දරුවන්ගෙ උපන්දින උත්සව වලට කදිමයි .
ෆෙස්බුක් එකෙන් උපටාගැනිමක්
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, May 29, 2021

196 කොස් ඇට " බැදුමක්..

ලේසියෙන් හදා ගන්න පුළුවන් "කොස් ඇට "  බැදුමක්..
හදන්නේ  මෙහෙමයි..👇
අවශ්‍ය ද්‍රව්‍ය :-
👉  කොස් ඇට 
👉  පොඩි B ළූනු ගෙඩියක්
👉  අමු මිරිස් කරල් දෙක තුනක් ,උම්බලකඩ කෑලි ටිකක්,රම්පේ ,කරපිංචා ,අබ ඇට ටිකක් .
👉  මිරිස් කුඩු ,තුන පහ ,කහ කුඩු ටිකක්,
👉  පොල් තෙල් මේස හැදි දෙකක්..
සාදන ක්‍රමය :-
👉  ඉස්සෙල්ලම කොස් ඇට ටික කබලේ බැද ගන්න.(කොස් ඇටයක් දෙකක් " ඩෝං " ගාලා පිපිරුනා නම් ඔන්න හරි..පරිස්සම් වෙන්න ඕන කොස් ඇට පුපුරන කොට ඇස් වලට ඉහෙනවා.
👉  ඊලගට කොස් ඇට ටික තලලා පොතු ඇර ගන්න ඉස්සෙල්ල ටිකක් තලලා පොතුඇරලා ඉවර වෙලා..ආපහු ටිකක් තලන්න..එතකොට තමයි කොස් ඇටේ ඇතුලට හොදට ලුනු මිරිස් අහන්නේ..
👉 ඒ කොස් ඇට ටික බාජනයකට දාලා.මිරිස් කුඩු,තුනපහ,කහ,ලුනු දාල වතුර පොඩ්ඩකුත් දාලා හොදට කලවම් කරලා පැත්තකින් තියන්න.
👉  B ළූනුගෙඩිය,මිරිස් කරල් ටික,හීනියටකපන්න,රම්පේ ,කරපිංචාත් කපන්න..
👉  බාජනයක් ලිපේ තියලා තෙල් ටික දාලා රත් වෙනකොට අබ ඇට ටික එකතු කරන්න.
ඒකට කපා ගත්තු දේවල් ඔක්කොම උම්බලකඩත් එක්ක තෙලට දාන්න.
👉  ටිකක් බැදෙන්න තියලා  ඒකටම ලුනු ,මිරිස් අනා ගත්තු කොස් ඇට ටිකත් තෙලට එකතු කරන්න..වතුර පො...ඩ්ඩකුත් දාන්න..හොදට ම මිශ්‍ර කරන්න.  
විනාඩි 5 විතර..ගියාම ලිපෙන් බාන්න.

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...