Tuesday, January 26, 2021

193. තැම්බුම් හොද්ද හදාගන්නේ මෙහෙමයි

තැම්බුම් හොද්ද හදාගන්නේ මෙහෙමයි..!


අවශ්‍ය ද්‍රව්‍ය
    ●කොත්තමල්ලි
    ●සූදුරු
    ●ගම්මිරිස්
    ●කරාබු නැටි
    ●ඉඟුරු
    ●සුදු ළූණු
    ●රතු ළූණු
    ●සියඹලා
    ●රම්පේ
    ●කරපිංචා
    ●කුරුඳු
    ●අවශ්‍ය නම් අමු මිරිස් කරලක් 
    ●කහ ස්වල්පයක්
    ●ලුනු 

සාදන ක්‍රමය 

ඉහත ද්‍රව්‍ය සියල්ල අවශ්‍ය පමණට ගෙන මදක් තලා පොඩි කර අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොඳින් තම්බා පානය කරන්ට.
(උපුටාගැනීමකි)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, January 25, 2021

192. කතුරුමුරුංගා මල් ඔම්ලට් සාදාගන්නා ආකාරය

වස විස නැති කතුරුමුරුංගා මල් ඔම්ලට් 🍲 අ


වශ්‍ය වන්නේ, 🔖
 කතුරුමුරුංගා මල් කිහිපයක් 🔖
 බිත්තර 2ක් 🔖 
ලියාගත් බී ලූණු, අමුමිරිස් හා තක්කාලි 🔖 ගම්මිරිස් කුඩු ස්වල්පයක් 🔖
 කතුරුමුරුංගා කොල ටිකක් 🔖 
පදමට ලුනු

 හදන්නේ මෙහෙමයි, 🔖 
කතුරුමුරුංගා මල් හොඳින් ලුනු වතුරෙන් සෝදා වතුර බේරා මැද රේණු කොටස අයින් කරලා පෙති වෙන් කර ගන්න. කතුරුමුරුංගා කොල ටිකකුත් සෝදා ගන්න. 🔖

 බිත්තර භාජනයකට දාලා හොඳින් ගසාගෙන එයට පදමට ලුනු එකතු කර පසෙකින් තබා ගන්න. 🔖

 දැන් Nonstick පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් හෝ තෙල් ස්වල්පයක් දාලා රත්කර එයට ගසාගත් බිත්තර ටික එකතු කරන්න. 🔖

 ඒක උඩින් ලියාගත් අමුමිරිස්, බී ලූණු, කතුරුමුරුංගා මල් හා කොල සමඟ තක්කාලි ටිකත් එකතු කර සාමාන්‍ය ඔම්ලට් හදන විදිහට ටික වේලාවක් ලිපේ තබා පරිස්සමෙන් අනිත් පැත්ත හරවා බැද ගන්න. 🔖 

අවසානයට ඔම්ලට් එක උඩට ගම්මිරිස් ඉසින්න. (අවශ්‍ය නම් මෙයට උම්බලකඩ එකතු කර ගන්න පුලුවන්)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, January 15, 2021

191. සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය බිරියානී එකක් සාදාගන්නා ආකාරය

සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය බිරියානී එකක් 


බ්ස්මාති හාල් 1kg 
කුකුල් මස් 750g 
වම්බටු 150g 
කැරට් 150g 
අල 150g 
රට ලූනූ 150g 
කජූ ටිකක් (කැමැත්ත පරිදි ) 
ඉගුරු/සුදු ලූණූ තලා ගන්න 
 තම්බා ගත් බිත්තර 08 
 යෝගට් 01
 බිරියානි මසාල පවුඩර් මේස හැදි 2ක හමාරක් 
ගී/බටර් හෝ කැමති තෙල් වර්ගයකින් මේස හැදි 2 ක්

 සාදන ආකාරය... 
මුලින්ම කුකුල් මස් ටික හොදට හෝදලා ඒකට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්,තලාගත්ත කරදමුංගු කරාබු නැටි ටිකක්, ගම්මිරිස් කුඩු චුට්ටක් බුරියානි මසාල මේස හැදි දෙක හමාරක් යෝගට් එක ‍රස අනුව ලුනු දාලා හොදට අතගාලා පදම් වෙන්න පැය භාගයක් විනාඩි 45ක් කාලයක් තියන්න.( පදම් වෙනවා කියන්නෙ ලුනුඇබුල් උරාගන්න ) කැරට්,අල ,වම්බටු, රට ලුනූ සාමාන්‍ය පොඩි කෑලි කපන් ගැබුරු තෙලේ බැදගන්න... ඒ ටික බැදගෙන ඉවර වෙලා කජු ටිකත්,තම්බාගත් බිත්තර ටිකත් බැදගන්න...( කජු හැර අනිත් ටික බැදගන්න කලින් කහ ස්වල්පයක් දාලා අතගාන්න.) බාස්මති හාල් ටික හොදට හෝදලා විනාඩි 15ක් විතර වතුරේ පෙගෙන්න හරින්න... භාජනයක් ලිපේ තියලා ගී, බටර්,වෙජිටබල් ඔයිල් හෝ තමන් කැමති ඕනෑම තෙල් වර්ගයක් අවශය ප්‍රමානයට දාලා රත් වෙන්න හරින්න.තෙල් ටික හොදට රත් උනාම තලාගත් ඉගුරු සුදු ලූනූ ටික දලා රන්වන් පාට වෙන්න බැදීගෙන එනකොට පදම් වෙන්න අයින් කරපු චිකන් ටික දාලා වහන්න.විනාඩි 10ක් විතර චිකන් ටික තෙලෙන් තැම්බෙන්න තියන්න... විනාඩි 10කට පස්සේ ඒකට වතුර දාන්න.. ( බත තැම්බෙන්න අවශය පරිදි වතුර දාන්න) වතුර එකෙන් චිකන් ටික තැම්බෙන්න දෙන්න පැය භාගයක් වගේ... චිකන් එක තැම්බුනාට පස්සේ චිකන් කෑලි ටික අයින් කරගන්න.... සෝදල පෙගෙන්න තියලා අයින් කරපු හාල් ටික චිකන් එක අයින් කරපු වතුර එකට දාගන්න.බත බෙරි නොවෙන්න උයා ගන්න... අයින් කරගත්ත චිකන් කෑලි ටික ගැබුරු තෙලේ බැදගන්න.. බත හොදට ඉදුනට පස්සේ වෙන භාජනයක් අරන් ඒකේ අඩියට බත් තට්ටුවක් දාන්න... ඊට උඩින් බැදගත්‍ත කජු ලූනූ අල කැරට් වම්බටු ලේයර් එකක් දාගන්න... මේ විදියට ආයේ බත් තට්ටුවක් බැදපු කජු කැරට් වම්බටු තට්ටුවක් විදියට ලේයර් කරගන්න.. අන්තිමට බැදපු චිකන් ටික උඩින් ම තියලා දෙහි පෙති කීපයක් මාලු මිරිස් කැබලි කිපයක් අතුරලා බිත්තර ටිකත් තියාගන්න. ඒ භාජනය වහලා අඩු ගින්දරේ විනාඩි 15ක් තියාගෙන කෑමට ගන්න.....

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...