Tuesday, March 31, 2020

174 බිලිං චට්නි සාදාගන්නා ආකාරය

බිලික් චට්නි සාදාගන්නා ආකාරය 



බිලිං චට්නි අවශ්‍ය ද්‍රව්‍ය : 
 බිලිං 500g 
සීනි 300g 
විනාකිරි 150ml 
මිරිස් කුඩු 10 g 
චොප් කරගත් සුදුලූනු 10g 
තලාගත් ඉඟුරු 10g
 ලුණු 5g සාදන ක්‍රමය

සාදාගන්නා ආකාරය : 
 බිලිං සෝදා තෙත මාත්තු කර කුඩාවට කපා ගන්න. ශුද්ධ බර 500g විය යුතුයි. විනාකිරි ලිප තබා එයට, සීනි, ඉඟුරු සුදුලූනු , මිරිස් කුඩු , ලුනු එක්කර සීනි දියවෙන තුරු හොඳින් උතුරවන්න. දැන් බිලිං එක්කර අවශ්‍ය පදම එනතුරු පිස ගන්න. උනුවෙන්ම ඇසුරුම් කරන්න. ** පාවිච්චියට ගන්නා සෑම භාජනයක්ම සුදු යකඩ හෝ මැටි විට යුතුයි.
Achini Ramona Ranasinghe 

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, March 29, 2020

173. පීත්සා ගෙදරදි රසට හදාගන්න ආකාරය

පිත්සා ගෙදරදි රසට හදමු


පිටි 500g (පීසා වලට ගන්න විශේෂ පිටි වර්ග ලන්කාවෙ තියනවාද නම් දන්නෑ/එහෙම තියනවා නම් ගන්න)
ඊට්ස් 25g
ලුණු කුඩු 15g
තෙල් හැදි 2ක් (ඔලිව් තෙල් නම් හොදයි) 
සීනි හැන්දක්
මද රස්නේ සෝඩා වතුර වීදුරු දෙකක් හෝ තුනක්.

පීසා එක උඩට දාන්න ඕන දේවල්.
1.තක්කාලි සෝස්(පැනිරස එක නම් එපා හැකිනම් ගෙදර හදාගන්න)
2.සොසේජස්./සැමන් /ලංකාවෙ අයනම්කරවල එහෙමත් දානවා..
3.තුනීයට කපා ගත් බටු පෙති ( තාච්චියේ තෙල් මොකුත් නොදා යන්තම් කරවෙන තෙක් තම්බන්න) /Bළූණු / කැමති එළවළු වර්ග
4.Mozzarella මොත්සරැල්ලා  
(අංක පිළිවෙලට දාන්න.)

සාදාගන්නා ආකාරය 


01. පිටි, සීනි ,තෙල්, ඊස්ට් මද රස්නේ සෝඩා වතුතෙන් අතේ නොඇලෙන පදමට හොදින් අනාගන්න.. වින්නඩි 15, 20ක්වත් නම් හොදයි.. 

මැටිහෝ පෝසිලෙන් බදුනකට අනාගත් පිටි ගුලිය දාලා හුලන් නොවදින්න රෙදි කඩකින් හෝ ලන්චිෂීට් හෝ පොලිතින් එකකින් වහලා පැය දෙක තුනක් පිපෙන්න තියලා තියන්න.(සීතල තැන්වල තියන්න එපා)  
පැය දෙක තුනකට පසු ලුණු ටික දමා නැවත හොදින් අනන්න. (අතේ ඇලෙනවා නම් පිටි චුට්ටක් ගාගත්තට කමක් නෑ.. ) පීසා තැටියේ හොදට තෙල් ගාන්න.. නැවත අනාගත් පිටි ගුලිය හොදින් තුනී කරගන්න . නැවත පැයක් හෝ දෙකක් පිපෙන්නට හරින්න අවශ්‍ය නම් වසා තබන්න.. එසේ නොමැති නම් සීතල නැති තැනක තබන්න. 

අවන් එක අංශක 225 ට රත් කරලා සකසා ගත් පීසා තැටිය අවන් එකට දමන්න.. විනාඩි දහයක් පමන(මෙය අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා නිතර බලන්න) ලා දුබුරු පැහැයට හොදට කර වුන පසු (ඇතුලත තැම්බෙන්න ඕන)එලියට ගෙන තක්කාලි සෝස් ඇතුලු පීසා එක මතට දැමිය යුතු දේවල් දාලා නැවත විනාඩි 10ක හතක ප්‍රමානයක් තියා ගන්න.. මොසරැල්ලා තැනින් තැන කරවේගන එනකොට එලියට ගන්න , කැමට ගන්න.
##අනූෂා දිසානායක##


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, March 14, 2020

172. කොරොනා වලට ගුණ සුදු ළූණු ව්‍යාන්ජනයක් සාදාගන්නා ආකාරය


කොරොනා වලට ගුණ සුදු ළූණු ව්‍යාන්ජනයක් සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ළූණු 500 g
මිටිකිරි කෝප්ප 1ක්
මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
තුනපහ කුඩු මේස හැඳි 1/4ක්
අමු මිරිස් කරල් 2ක්
උම්බලකඩ 5g
කහ ස්වල්පයක්
රම්පෙ කොළ භාගයක්
කරපිංචා කිණිති 2ක්
උළුහාල් ස්වල්පයක්


සාදන අන්දම

සුදුලූණු ඉස්සෙල්ලම පොතු සුද්ද කරලා හෝදලා දෙකට කපා ගන්න . දෙකට කපන්නේ නැතිව උයනවනම් තමයි මම කැමති . ඒත් කැමතිනම් කපාගන්න . ඊට පස්සේ කපාගත්ත අමු මිරිස් , උම්බලකඩ , රම්පෙ , කරපිංචා , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු , උළුහාල් , ලුණු , මිටිකිරි අර සුදු ළූණු ටිකත් එක්ක පිසින භාජනයේ එකතු කරලා හොඳට කලවම් කරගන්න . ඊට පස්සේ මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නේ . වැඩිය ගින්දර දාලා තම්බ ගන්න එපා . එහෙම උනොත් සුදු ළූණු වලින් වැඩක් වෙන්නේ නැහැ . ඒ නිසා තරමකට පිසගෙන කෑමට ගන්න . රම්පෙ දානකොට සමහර අය කොලේ විතරක් දාලා පස්සේ ව්‍යංජනයෙන් ඉවත් කරනවා . ඒත් කරන්න ඕන රම්පෙ කොලෙත් පොඩියට කපලා ව්‍යංජනයට දාන එක .

මීට අමතරව සුදු ළූණු පොත්ත පිටින් පුච්චලා මී පැණිත් එක්ක කන එකත් හොඳයි . තව සුදු ළූණු අමුවෙන් කන්නත් පුළුවන් .

එහෙනම් සුදු ළූණු උයලා කාලා බලන්න .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...