Saturday, March 31, 2018

149. කතුරු මුරුංගා කෑවොත් ඔබට සිදුවෙනදේ ….. srilanka food cooking srilanka


කතුරු මුරුංගා කෑවොත් ඔබට සිදුවෙනදේ …..





සමකයට ආසන්න අපේ රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. ඒ දේශගුනයේ පවතින උෂ්ණාධික කම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන, එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා ඔවුන් අද සේ පැකිලුනේ නැහැ. ඊට හේතුව එම අහාර වල උෂ්ණාධික බව මකා දැමිය හැකි, එමෙන්ම ඒ අහාර වල රසය තවත් වැඩි කරවන ආයුර්වේද ගුණ ඇති එළවලු හෝ පලා වර්ග ආහාරයට එක් කිරීමෙන් එම ආහාර වල උෂ්ණාධික බව නසා දමා ඒවායේ තිබු පෝෂණ ගුණය පමණක් ශරීරයට ඇතුලුකිරිමට ඔවුන්ට තිබු මහගු හැකියාවයි. උෂ්ණ යයි කියවෙන ආහාර වර්ගයක් මුළුතැන් ගෙයි පිසෙන දවසක නොවරදවා බත් පිගානේ දකින්නට තිබු ‘කතුරුමුරුන්ගා’ ව්යංජනය ගැනයි මේ කියන්නට යන්නේ.
කතුරු මුරුංගා තරම් වේගයෙන් මුඛ තුවාල සුව කරන ඖෂධයක් මා නම් මේ වනතුරු දැක නැහැ. දිවේ, විදුරු මසේ හෝ තල්ලේ උෂ්ණාධික බව නිසා ඇතිවන කුඩා ගෙඩි හෝ තුවාල ඉතාමත් වේදනාකාරියි. අත්තම්මගේ මේ රෝගයට ඇති පිළියම වහාම කතුරු මුරුංගා කොළ අහුරක් ඊළඟ ආහාරයට සම්බෝලයක්, මැල්ලුමක්, කිරි හොද්දක් හෝ බැදුමක් ලෙස එක් කිරිමයි. කුමන විධියට පිළියෙළ කලත් කතුරුමුරුන්ගා වල ඇත්තේ ඉතා අපුරු රසයකි. පොල් අහුරක්, රතු ලුණු, උම්බලකඩ සහ දෙහි දමා ගන්නා සම්බෝලය මගේ අත් දැකීමට අනුව ලිපේ තබා උයා ගන්නා ව්යංජන ආකාරයට වඩා ඉතා ඉක්මන් ප්රතිපල ගෙන දෙනවා. හාල් මැස්සන් කීපදෙනෙකුද එක්කර සාදා ගන්න බැදුම හෝ කිරි හොද්ද පොඩිවුන්ට කවා ගන්නට පහසු වන්නේ පිසූ පසු එහි ඇති ‘සුන්දර තිත්ත’ යම් පමණකින් අඩු වන නිසාවෙනි.
කතුරු මුරුංගා දකුණු ආසියාවේ බොහෝ රටවල සහ ඕස්ට්රේලියාවේ ඇතැම් පලාත්වල වැවෙන ශාකයක්. කැල්සියම් සහ යකඩ බහුල ශාක පත්ර අස්ථි ශක්තිමත් කිරීමටත්, නිරක්තිය අඩු කිරීමටත් උදව් වෙනවා. පිළියෙළ කිරීමේදී නිවුණු පසු දෙහි යුෂ එකතු කිරීමෙන් මේ කොළ වල ඇති යකඩ ශරීරයට අවශෝෂ කර ගැනීම පහසු වෙනවා.
කතුරු මුරුංග වල ඇති විෂනැසීමේ හැකියාව (ඇන්ටි හිස්ටමින්) නිසා තමයි අත්තම්මා හිස්ටමින් බහුල දෙල්, බල මාළු වැනි දේ පිළියෙළ කරන විට ඒ අහාරය සම බර කර ගැනීමට කතුරු මුරුංගා එක් කලේ. කතුරු මුරුංගා ශරීරය සිසිල් කරවනවා පමණක් නොවෙයි, වැඩිපුර ඇති දියර ශරීරයෙන් ඉවත් කරන (ඩයියුරෙටික්) අතරම මුත්රා අසාධන අඩු කිරමට සමත් වෙනවා. මල බද්ධයටත් මෙය කදිම පිලියමක්. සමේ තෙතමනය පවත්වා සම වියලීම නිසා හෝ රුධිර විෂ වීමෙන් සෑදෙන එක්සිමා තත්ත්ව වලක්වා ගැනීමටත්, එම රෝග සැදුනු අයට ඉක්මනින් සුවවීම සහ කැසීම අඩු කර ගැනීමටත් කතුරු මුරුංගා උදව් කර ගත හැකියි.
කතුරුමුරුංගා මල් කාලයට ගස එකවරම සුදු පලසකින් වැසි ගියා සේ මල් හට ගන්නවා. මේ මල් තවත් රසවත් ව්යංජනයක් ලෙස ආත්තම්මා සකස් කර ගත් හැටි මට අදටත් මතකයි. එහි ඇති දිරවීමේ පහසුව නිසා අවුරුද්දට අඩු අලුතෙන් ඝන ආහාර ගන්නා ළදරුවන්ට රතුළුණු සහ පොල්කිරි ස්වල්පයක් එක්කර මිරිස් නොදමා පිස දීම අපි කුඩා කාලේ අපේ අම්මලා සිදුකල දෙයක්. කතුරුමුරුංග මල් උම්බලකඩ සමග තෙල් දැමීමෙන් රජ බොජුනකටත් වඩා රසවත් බත් කන්දක් ගිල දැමිය හැකි ව්යංජනයක් සාදා ගත හැකියි.
කතුරු මුරුංගා මල් වලත් බොහෝ ආයුර්වේද ගුණ තිබෙනවා. බැක්ටීරියා සහ වෛරස වලට විරුද්ධ ප්රතිජීවක සහිත කතුරු මුරුංගා මල් ආහාරයට ගැනීමෙන් හිසේ රුදාව, පිනසය, කැස්ස සහ උන රෝග වලින් වැලකි සිටීමට හෝ වැළඳුනු පසු පහසුව ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.
අත්තම්මා නමැති නිවසේ සිටි වේද හාමිනේගේ ‘රස පිරි -දිව ඔසු’ අද පරම්පරාවට අමතක වීගෙන යාම ගැන හදවතට දැනෙන්නේ ඉතාම සංවේගයක්. කොත්තු සහ ෆ්රයිඩ් රයිස් සංස්කෘතියේ අතර මන් වී දියවැඩියාව කරා කෙමෙන් ලං වෙන නුතන පරපුරේ එක අයෙක් හෝ මේ ලිපි පෙලින් ප්රයෝජනයක් ගනිවායි පතමින් අදට නවතිමි. නැවත හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා.
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට (උපුටගැනිමක්)

148. කිරි ටොෆී සාදාගන්නා ආකාරය

 තේ බොන්න අද අපි කිරි ටො‍ෆි හදමු. ඔයත් හදලම බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි කිරි ටින් 1ක්
වතුර කෝප්ප1ක්
සීනි 400g
බටර් මේස හැඳි 1ක්
වැනිලා ස්වල්පයක්
කරදමුංගු ඇට 4ක්

සාදා ගන්නා ආකාරය
බඳුනක් ගෙන එයට සීනි සහ වතුර දමා උණුකරගන්න. එය උණුවන විට ගින්දර අඩු කර ටින් කිරි වක්කරන්න. ඉන්පසු මිශ්‍රණය ඝන වෙන තෙක් හැඳි ගාන්න. ලිපෙන් බෑමට ලංවන විට බටර් සහ කරදමුංගු එක්කරන්න. බටර් ගාගත් තැටියක හෝ පිටි ටිකක් අතුරාගත් ලෑල්ලක තුනීකර කෑලි කපා ගන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Ami & Hashi

Friday, March 30, 2018

147. කැරට් සමග පැස්ටා සාදාගන්නා ආකාරය srilankan cooking

කැරට් සමග පැස්ථා සාදාගන්නා ආකාරය



 ඔබව සාදරයෙන් පිළිගන්නවා. හැමදාම බත් කාලම එපා වෙලානම් වෙනසකටත් එක්ක අපි වෙනස් දෙයක් කමු. මොනවද අද අපි හදන්නෙ? අපි අද පැස්ටා හදමු. හැබැයි ටිකක් වෙනස් විදිහකට. ඔයා හැමදාම හදනවට වඩා නම් රස වැඩියි. උදේකට වගේම රාත්‍රියටත් හොදයි. ගෙදර පොඩ්ඩො ඉන්නවනම් ඒ අයත් ගොඩක් කැමති වෙයි. මෙන්න මෙහෙමයි හදන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය
පැස්ටා 250g
ඉඟුරු
සුදු ළූණු
සිහින්ව කපාගත් කැරට් කුඩා අලයක්
බටර් හෝ මාගරින් 
උකු පිටි කිරි කෝප්ප 1/4ක්
ගම්මිරිස් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය
මුලින්ම සාස්පානකට වතුර දාල ඒකට බටර් සහ ලුනු ටිකක් එකතු කර ගන්න. එයටම පැස්ටා ටික දමා භාජනය ලිප තබා හොඳින් තම්බා ගන්න. පැස්ටා ටික තැම්බෙන අතරෙ ඉඟුරු සුදු ළූණු හොඳින් කුඩාවටම ලියා ගන්න. [චොප් කර ගන්න]. පැස්ටා එක තැම්බිලද බලල ලිපෙන් බා ගන්න. පැස්ටා වල වතුර ටික බේරා දමන්න. දැන් ආයෙත් සාස්පානක් ලිපේ තියල ඒකට බටර් හෝ මාගරින් එකතුකරගන්න, චොප් කරගත් ඉඉඟුරු සුදු ළූණු එකතුකර රන්වන් පාට වනතුරු බැද ගන්න. ඉන්පසු එයට කැරට් එකතු කරගන්න. මෙතනදී ඔයා කැමතිනම් ලීක්ස්, ගෝවා, බෝංචි වගේ ඔයා කැමති එළවළු එකතු කරගන්න පුළුවන්. ලුණු රස අනුව දමාගන්න. එලවළු තෙම්පරාදු වී ගෙන එනකොට එයට පැස්ටා ටික එකතු කරගන්න. ගම්මිරිස් ද එකතු කර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු කිරි කෝප්ප 1/4 එකතු කර හොඳින් කලවම් කර විනාඩි 2කට පමණ පසුව ලිපෙන් බා ගන්න. ඔයත් හදල බලන්න.ඉක්මනටම හදා ගන්නත් පුළුවන්. හදල බලල මටත් රස කියන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Ami & Hshi

146 .මුකුණුවැන්නා බිත්තර සමග තෙම්පරාදුව සාදාගන්නා ආකාරය 

මුකුණුවැන්නා බිත්තර සමග තෙම්පරාදුව සාදාගන්නා ආකාරය 



අවශ්‍ය ද්‍රව්‍ය
සිහිව ලියාගත් මුගුණුවැන්නා මිටියක්
තෙල් මේස හැඳි 2ක්
මිරිස් කෑලි තේ හැඳි 1 1/2ක්
ගම්මිරිස් තේ හැඳි 1/4ක්
ලියාගත් ළූණු ගෙඩි 1ක්
කපා ගත් අමු මිරිස් කරල් 2ක්
බිත්තර 1ක්

සාදා ගන්නා ආකාරය
සාස්පානකට තෙල් දමා ලිප තියන්න. එයට ලියාගත් ළූණු සහ අමුමිරිස් එක්කරන්න. තෙම්පරාදු වූ පසු එයට මුගුණුවැන්නා, මිරිස් කෑලි ගම්මිරිස් සහ ලුනු දමා හොඳින් කලවම් කර ගන්න. ටික වේලවක් පිසෙන්නට හරින්න. කොල ටික යන්තමට මැලවීහෙන එනවිට එයට ගසා ගත් බිත්තරය එකතු කර ගන්න. බිත්තරයේ දියර ගතිය නැතිවන තුරු හොඳින් කලවම් කරන්න. ඉන්පසු ලිප නිවා කෑම මේසයට පිළිගන්වන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Ami & Hashi

Thursday, March 29, 2018

145.  රට ඉඳි කේක් සාදාගන්නා ආකාරය  srilankan cooking

 රට ඉඳි කේක් සාදාගන්නා ආකාරය .

අවශ්‍ය ද්‍රව්‍ය
ඇට ඉවත්කර කුඩාවට කපා ගත් රට ඉඳි 500g
ඇස්ට්‍රා 250g
සීනි 250g
පිටි 250g
බිත්තර 4
බේකින් පවුඩර් තේ හැඳි 1ක්
වැනිලා තේ හැඳි 1ක්
බේකින් සෝඩා (ආප්ප සෝඩා) තේ හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය
බෝල් එකට රට ඉඳි දමන්න. එයට ආප්ප සෝඩා දමා වතුර කෝප්ප 1/4 දමා ‍රැයක් පෙගෙන්න තබන්න. තවත් බෝල් එකක් ගන්න. එයට ඇස්ට්‍රා , සීනි දමා බීට් කරගන්න. පසුව බිත්තර ටික ටික දමමින් බීට් කරගන්න. මෙයට රට ඉඳි සහ පිටි ටික ටික මාරුවෙන් මාරුවට දමමින් මිශ්‍ර කරගන්න. හොඳින් කලවම් කරගන්න. මාගරින් තැවරූ තැටියකට මෙම මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

144. බිම්මල් මෝජුවක් සාදාගන්නා ආකාරය Srilankan cooking

අපි රසවත් බිම්මල් මෝජුවක රස බලමු. බලන්නො හදාගන්න විදිහ. 

අවශ්‍ය ද්‍රව්‍ය 
සිහින්ව කඩා ගත් බිම්මල් ලුනු සහ කහ ස්වල්පයක් දමා සෝදා ගන්න. [පැකට් එකක ඇති ප්‍රමාණය] හාල්මැස්සන් 50g එලවලු තෙල් සුදුළූනු  බික් 3ක් බී ළූනු ගෙඩි 1ක් කරපිංචා ලුනු දෙකට පලාගත් අමුමිරිස් සියබලා සීනි
සාදාගන්නා ආකාරය 
තාච්චියකට තෙල් දමා ගැඹුරු තෙලේ බිම්මල්, හාල්මැස්සන් වෙන වෙනම රන්වන් පාට වන තුරු බැදගන්න.
ඉන්පසුව තෙල් ස්වල්පයක් තාච්චියකට දමා එයට සිහින්ව කපා ගත් සුදුළූනු , බී ළූනු , කරපින්චා, ලුනු කුඩු, මිරිස් කැබැලි, සියබලා ඉස්ම දමා තෙම්පරාදු කරගන්න. එය තලපයක් ආකාරයට පැමිණි පසු එයට සීනි එක්කරන්න.දැන් මෙම සාදාගත් මිශ්‍රණයට බැදගත් බිම්මල් සහ හාල්මැස්සන් දමා හොදින් කවලම් කරන්න.
රසවත් බිම්මල් මෝජු ඔබත් රසවිදින්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...