Thursday, February 16, 2017

142. අල පූරි සාදාගන්නා ආකාරය

අල පූරි සාදාගන්නා ආකාරය


අල පූරි අවශය ද්‍රවය 
1. තම්බාගෙන් හොදින් පොඩිකරගත් අල 100 g ( අල කෑලි නොසිටින්න හොදට පොඩිකරගන්න)
2. පිටි 200 g
 3. මිරිස් කුඩු තේ හැදි 1
 4. කුඩාවට කපාගත් කරපිංචා ස්වල්පයක් 
5. සුදුරු ස්වල්පයක් 
6. බේකින් පවුඩර් හෝ බෙකින් සෝඩා තේ හැදි 1/2
 7. රස පදමට ලුණු 
8. අවශය ප්‍රමාණයට වතුර 

 සාදන ආකාරය 
1 . මුලින්ම හොදින් පොඩි කරගත් අල සහ ආටාපිටි හොදින් කලවම් කරගන්න 
2. මිරිස් කුඩු , කුඩාවට කපාගත් කරපිංචා , සුදුරු ,බෙකින් පවුඩර් හෝ බෙකින් සෝඩා ටික සහ ලුනු අපේ අර අල හා ආටා පිටි මිශ්‍රනයට දමා වතුර ටික ටික දමමින් හොදින් අනාගන්න, හරියට අපි රොටි හදනවා වගේ හොදට අනාගන්න . ( අල වල කැබලි තියෙන්න බෑහැ)
3. දැන් රෝලින් පින් එකක් අරගෙන එකෙත් පාන් පිටි තවරා ගන්න. ඔයාලා පවිච්චි කරන ලෑල්ලෙත් පිටි තවරා ගන්න. ( අපේ පිටි මිශ්‍රනයට ඇලෙන්න පුලුවන් නැතිනම්)
4. දැන් අර අපේ මිශ්‍රනයෙන් කට්ලට් වලට වගේ කුඩා බෝල සාදාගන්න.
5. එම බෝල අර පිටි තවරා ගත් ලෑල්ලෙ හොදින් තූනි කරන්න. (ලස්සනට රවුමට )
6. දැන් බාජනයක් ලිපේ තියලා තෙල් දාලා අර තුනි කරගත් රවුම හොදින් බැදගන්න. පපඩම වගේ හොදට බැදිලා එයි.
ඔන්න ඔහොමයි අල පුරි හදන්නේ.
හදලා රස බල්ලා අපිටත් කියන්නකෝ .
ස්තුතියි

Ami & Hashi

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...