Saturday, February 27, 2016

134. ඩෝක්ලා ,(ගුජරාටි)... සාදාගන්නා ආකාරය 

ඩෝක්ලා ,(ගුජරාටි)... සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍යඃ
°°°°°°°°°°°°°°°°°°

කඩල පිටි කෝප්පයක් -150g
මුදවපු කිරි කෝප්ප බාගයක්
දෙහි යුෂ මේස හැන්දක්
බේකින් සෝඩා තේහැදි බාගයක්
එලවළු තෙල් තේ හැන්දක් - සීසනින් වලට තෙල් මේස හැදි දෙකක් වෙනමම ගන්න .
අබ ඇට තේ හැන්දක්
හීනියට කැපු කොත්තමල්ලි කොල කෝප්පයක් පුරවල ගන්න
ලුනු අවශ්‍ය පමන

සාදන අයුරැ :
°°°°°°°°°°°°°°°°°°

ලොකු මික්සින් බෝල් එකකට කඩල පිටි හලල එකතුකරන්න.
මීලගට එම බෝල් එකටම වෙනමම බීට්කරගත්  මුදවපු කිරි සහ අවශ්‍ය පමන ලුනු දමා මිශ්‍ර කරන්න .

පසුව  වෙනමම කුඩා බෝල් එකකට දෙහි ඉස්ම ,බේකින් සෝඩා සහ තෙල් කලවම්කර  එය පිටි මිශ්‍රණයට දමා හොදින් මිශ්‍ර කරන්න .

පිටි මිශ්‍රණය විනාඩි හතලිහක් හතලිස් පහක් පමන පැත්තකින් තියන්න .

විනාඩි හතලිහක් - හතළිස් පහක්  ගිය පසු පිරිසිදු කරගත් බේකින් ටෙුි එකකට  මේ ඩෝක්ලා මිශ්‍රණය වත්කර විනාඩි 10ක්,යනතුරැ ස්ටීම් කරගන්න . ස්ටීම් කර පිටතට ගෙන නිවෙන්නට තබා සීසනින්  සාදාගන්න .

කුඩා ෆ්‍රයි පෑන් එකකට ඉතුරැ එලවළුතෙල්  දමා මදරස්නෙන් රත්වෙන්නට හැර එයටම අබ ඇට එකතුකරන්න .

අබ ඇට එකින් එක පුපුරන්නට ගත් විට ලිපෙන් බා එම තෙල් මිශ්‍රණය ඩෝක්ලාව උඩින් වත්කරන්න .

මී ලගට හීනියට කැපු කොත්තමල්ලි කොල උඩින්  ඉස, කෑලිකපා පිලිගන්වන්න .

ස්ටීමර් එකක්  නැති අයට මේ රෙසිපියට අනුව හදල උෂ්ණත්වයට ඔරොත්තුදෙන බෝල් එකකට  දාලා මයික්‍රොවේව් එකේ විනාඩි හයක් විතර තියල හදාගන්නත් පුළුවන් , මයික්‍රොවේව් එකේ දාලා සැරෙන් සැරේ ඇරල ,පැති මාරැ කරල .
, විනාඩි හයක් තියල ගන්න
කඩල පිටි වලින්  හදල ස්ටීමර් එකකින්  තම්බල ගන්න ඩෝක්ලා ,රසයි වගේම ගුනයි. ආහාර පාලනය කරන අයට වගේම නිර්මාන්ෂික අයටත් හොදට ගැලපෙන අතුරැ  ආහාරයක් , (ස්නැක් එකක්).



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඩෝක්ලා ,(ගුජරාටි)... සාදාගන්නා ආකාරය 

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...