Friday, October 9, 2015

96. සිරිලක තුන පහා කුඩු..

 සිරිලක තුන පහා කුඩු..



වර්තමානයේ දී අපි ආහාර රස කිරීමට දමන්නාවූ තුනපහ කිසිසේත්ම ශරීරයට සර්ව සම්පූර්ණව ගුණදායක නොවේ. එය බෙහෙවින්ම ශරීරයක් බාල කිරීමට පෘතුග්‍රීසීන් විසින් අපට හඳුන්වා දෙන ලද්දකි.අපේ නියම තුනපහ නම්
තුනට අයිති වන්නේ
1.සුදුලූනු
2.අමු ඉගුරු
3.ගම්මිරිස්
පහට අයිතිවන්නේ
1.සියඹලා
2.ගොරකා
3.කරපිංචා
4.කහකුඩු
5.කොත්තමල්ලි


මේවායින් ගොරකා සහ කහකුඩු ග්‍රෑම්20 බැගින්ද, අනිත් ද්‍රව්‍ය ග්‍රෑම්100 බැගින්ද ගෙන තලපයක් වෙනකම්ම ගලේ අඹරා ගන්න(කිසිවිටකත් බ්‍රෙන්ඩරයට දමා නොකරන්න ) මෙය තුනපහ දමන ආහාර වලට එක්කරගන්න. කෑම රුචිය වඩයි,අර්ශස්,මුත්‍රා,ග්‍රෑස්ට්‍රයිට්,හිස කැක්කුම්,ඇගපත අමාරුකම්,හන්දිපත් වේදනා,කැස්ස,උණ,සෙම්ප්‍රතිශ්‍යාව,දියවැඩියාව, යන සියලු ලෙඩ සමගින් ලෙඩ රෝග 70 කට පමණ දිව ඔසුවකි.අපේ මුතුන් මිත්තන් ආහාරය ගත්තේ රස හෝ කුස පිරවීමට පමණක්ම නොව ඖෂධයක් වශයෙනුත් ආහාර ගෙන තිබෙනවා.අපේ තිබූ ඒ හෙළ ආහාර ක්‍රමය පවා අපෙන් දුරස් කර තිබෙනවා. සිංහල මිනිසුන් සුවිශේෂී මිනිස් කොටසක් නිසයි ඒ. ඇයි ඔවුන් අපට බය වෙලා තියෙන්නේ.? අපේ ශක්තිය අපේ අනන්‍යතාවය නිසා කිසිදා පරාජය කල නොහැකි අය ලොව සිටිත් නම් ඒ හෙළයන් පමණක්ම වන නිසයි.


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...